
ඉන්දීය ක්‍රිකට් ප්‍රේක්ෂකයින් කම්පාවට පත් කරමින්, මැදපෙළ සුපිරි පිතිකරු Rinku Singh, මෙවර විස්සයි20 ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් වී හදිසියේම නිවස බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. ✈️🇮🇳
මීට හේතුව කුමක්ද? ඔහුගේ ආදරණීය පියා දරුණු අක්මා පිළිකාවකින් Liver Cancer පීඩා විඳිමින් සිටින අතර, ඔහුගේ තත්ත්වය අසාධ්‍ය වීම හේතුවෙන් පියා අසල රැඳී සිටීමට රින්කු මෙම තීරණය ගෙන ඇත. 👨👦❤️
කණ්ඩායමට වන බලපෑම:
අද පෙබරවාරි 26 පැවැත්වෙන තීරණාත්මක ඉන්දියාව – සිම්බාබ්වේ සුපිරි 08 වටයේ තරගයට ඔහු ක්‍රීඩා නොකරන අතර, අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නම් ඉන්දියාවට මෙම තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වේ. රින්කු නැවත කණ්ඩායමට එක්වන දිනයක් පිළිබඳව මෙතෙක් නිල තොරතුරක් වාර්තා වී නොමැත. 🏏🏆
රින්කුගේ පියාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු! 🙏✨

0 Comments