Online Now From NZ

Lakkiwi Radio

Weekly Sinhala News at Your Finger Tips

Listen to weekly radio news updates from New Zealand, in Sinhala — anytime, anywhere.

Listen Latest Episode

Latest Episode

Previous Episodes

Lakkiwi Radio EP – 17 – 31 October 2026
31 OCTOBER 2026

Lakkiwi Radio EP – 17 – 31 October 2026

ගලා එන සිතුවිලි අතරින් නව රටාවන් සොයා යන්න, කවි කතා, ගී කතා, රස කතා අතරින් ගැලපෙන නොගැලපෙන ආදර කතා, මහාචාර්ය සනත් නන්දසිරි තම දුවණිය සමග ගැයූ එකම ගීය ලියූ ප්‍රියානන්ද විජේසුන්දර ඒ ගැන කියන කතා, පොත පත ගැන ජීවිතය ගැන හිතට දැනෙන කතා සමග, රංගන ශිල්පිණී හංසමාලා ජානකී සමග කතා බහක්. මෙවර ලක් කිවි රේඩියෝවෙන්.

00:00
00:00
1.1K plays
Lakkiwi Radio EP – 16 – 25 October 2026
25 OCTOBER 2026

Lakkiwi Radio EP – 16 – 25 October 2026

නවසීලන්තයට නවමු අත්දැකීමක් එක් කරමින්, නවසීලන්ත ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්‍යාලය සහ Lak Kiwi මාධ්‍ය ජාලය විවිධ සංවිධාන සමග එක්ව ගෙනෙන තානාපති ජංගම සේවය පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු සහ තවත් රස සාර රේඩියෝමය විශේෂාංග එක්ව අද ලක්කිවි රේඩියෝව.

00:00
00:00
1.7K plays
Lakkiwi Radio Special Episode with HIGHCOMMISINOR
25 OCTOBER 2026

Lakkiwi Radio Special Episode with HIGHCOMMISINOR

නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සේවාවන් පහසු කරමින්, ශ්‍රී ලාංකික - නවසීලන්ත රාජ්‍යය තාන්ත්‍රික සබදතා මෙන්ම සුහදතාවය වර්ධනය කරනට ඉමහත් සේවාවක් කරන නවසීලන්තයේ ශ්‍රී ලංකා මහාකොමසාරිස් අතිගරු ප්‍රසන්න ගමගේ මහතා සමග ලක්කිවි Radio පැවැත්වූ විෂේශ සාකච්ඡාව.

00:00
00:00
1.6K plays
Lakkiwi Radio EP – 15 – 18 October 2026
18 OCTOBER 2026

Lakkiwi Radio EP – 15 – 18 October 2026

සතුට අරමුණු කරගෙන ලුහු බැඳ යන ජීවිත කතාවේ මොහොතට නතර වී, සතුටට හේතු හොයන්න ඔබට දිරිය දෙන ලක් කිවි රේඩියෝවේ මේ සතියේ චාරිකාව. දේශීය නාට්‍යය වංශ කතාවේ අසම සම පරිච්ඡේදයක අග්‍රගණ්‍ය නාමය වූ සරත්චන්ද්‍ර නාට්‍යය කලාව ඉදිරියට රැගෙන යන යශෝදරා සරත්චන්ද්‍ර සමග කතා බහක්. එමෙන්ම රංග අභ්‍යාසයක් වූ මනෝරත්න ගුරු තරුවේ මතක සමග භානුක මනෝරත්න සමග පිය සටහන් දිගේ චාරිකාවක්. රස සාර මාතෘකා ඔස්සේ ගලායන සොඳුරු ගී මතක සමග හැඬවුන මෙවර ලක් කිවි රේඩියෝව අහන්න.

00:00
00:00
2.6K plays
Lakkiwi Radio EP – 14 – 11 October 2026
11 OCTOBER 2026

Lakkiwi Radio EP – 14 – 11 October 2026

තත්පරයකින් ආපස්සට යන ජීවිත කතාවේ සොඳුරුතම තැන් වලට හඬ රටාවෙන් ඔබව රැගෙන යන සති අන්තයේ රේඩියෝ චාරිකාව.

00:00
00:00
4.4K plays
Lakkiwi Radio EP – 13 – 04 October 2026
3 OCTOBER 2026

Lakkiwi Radio EP – 13 – 04 October 2026

ශ්‍රී ලාංකේය රංග කලා සම්ප්‍රදාය තුළ තම අනන්‍යාවය අග්‍රගණ්‍ය ලෙස සටහන් කරමින්, වේදිකාව තුළින් උපන් අසහාය රංගවේදියා ජය ශ්‍රී චන්ද්‍රජිත් සමග නාට්‍යයකරුවා සහ අනාගතය පිළිබදව කතාබහකට ඕක්ලන්ඩ් නුවරදී සම්මුඛ වූ මොහොත සහ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සාහිත්‍යයයේ පෙරලිකාරකම් කරන සාහිත්‍යයවේදී ජගත් ජේ. එදිරිසිංහ සමග සුන්දර කතාබහක් ද සමග රස සාර තොරතුරු රැගෙන මේ ඉරිදා ලක් කිවි රේඩියෝව.

00:00
00:00
3.5K plays
Lakkiwi Radio EP – 12 – 27 September 2026
27 SEPTEMBER 2026

Lakkiwi Radio EP – 12 – 27 September 2026

නවසීලන්තයේ ජීවත් වන සැමට මවුරි ජාතිකයන් ආගන්තුකයන් නොවේ. ඔවුන්ගේ බොහෝ ගති සෝබාවන් ආසියාතික මුල් වැසියන්ට සමාන කම් දක්වයි. විශ්වාස, පුදසිරිත්, භාෂා ලක්ෂණ ඇතුලු බොහෝ දේ ගැන දැන ගැනීම බහු සංස්කෘතික ජීවිත ගෙවෙන හැමදෙනාටම ඉතා වැදගත් වෙයි. ඒ පිළිබදව නවසීලන්තයට පැමින පර්‍යේෂණ පවත්වන කොළඹ විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය, අචින්ත්‍ය බණ්ඩාර සමග කතාබහක් සමග තවත් රසසාර තොරතුරු පිරුණ මෙවර ලක්කිවි රේඩියෝව.

00:00
00:00
3.8K plays
Lakkiwi Radio EP – 11 – 20 September 2026
20 SEPTEMBER 2026

Lakkiwi Radio EP – 11 – 20 September 2026

අලු පාට හැන්දෑව, පෙම් කවක් වැනි ගී ලියූ, ගුවන්විදුලියේ ළමා පිටියේ ලැබූ අත්දැකීම් සමග රූපවාහිනී මුල් යුගයේ සිට වර්ණවත් මතක ප්‍රේක්ෂකයාට තිළිණ කළ සුරම්‍යා මාපිටිය සමග කතා බහක්... ප්‍රියානන්ද විජේසුන්දරයන් ලියූ ගී පදමතක සහ තවත් රසසාර කතා බහ රැගෙන අදත් ලක්කිවි රේඩියෝව.

00:00
00:00
4.6K plays

Get Weekly Radio News in Your Inbox

Subscribe to receive the latest Lakkiwi Radio episodes and Sri Lankan community news from New Zealand every week.

No spam. Unsubscribe anytime.