← BACKSport

ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අනාගතයක් නැද්ද? නැත්නම් එය හදිසි විනිශ්චයක් ද?

BY DhanushPUBLISHED FEBRUARY 26, 20261 MIN READ0 COMMENTS

“කරන්න පුළුවන් දෙවල් තියනව… බැරි දේවල් තියනව. මම කියනව ඕක හදන්න බැරි දෙයක් කියල…. මගේ මතය ලංකාවේ ක්‍රිකට් ගැන අනාගත බලාපොරොත්තුවක්වත් තියාගන්න බෑ.”
ඒ වචන සරලයි වගේ පෙනුනට එයින් ඇගවෙන්නේ ක්‍රිකට් ගැන විශාල විවාදයක්. Muttiah Muralitharan මතුකරපු අදහසත් සමඟ, ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ නවසීලන්තයට එරෙහිව පැවති තරගයෙන් පසු මේ සංවාදය යළිත් උණුසුම් වුණා.

ඇත්තටම අපිට බලාපොරොත්තුවක්වත් තියාගන්න බැරිද?
නැත්නම් මේ කණ්ඩායම තවමත් හැදෙමින් යන කණ්ඩායමක්ද?

🔍 අපේ කණ්ඩායම දුර්වලයිද?

ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුගිය කාලය බලද්දී පෙනෙන ප්‍රධාන දුර්වලතා කිහිපයක් තියෙනවා.

❌ (1) අස්ථිර ආරම්භය

Opening partnership එක සම්පූර්ණයෙන්ම ස්ථාවර නැහැ. පළමු පන්දුවාර 6 තුළ කඩුළු අහිමි වීම නිසා මැද පෙළට දැඩි පීඩනයක් එල්ලවුනා..

❌ (2) මැද පෙළේ තීරණ ගැනීම

Strike rotation එක අඩු වීම, dot balls වැඩි වීම, pressure shots ගහන එක – මේවා run rate එකට සෘජුවම බලපෑවා.

❌ (3) Death overs bowling

අවසන් පන්දුවාර 5 තුළ yorker accuracy අඩු වීම සහ slower balls predict වීම නිසා ප්‍රතිවාදී කණ්ඩායම් වේගයෙන් ලකුණු රැස් කළා.

🏏 නවසීලන්තයට එරෙහි තරගයේ විශේෂ දුර්වලතා මොනවාද?

Sri Lanka national cricket team හා New Zealand national cricket team අතර පැවති තරගයේදී:
• Powerplay එකේ wickets දෙකක් මුල් පන්දුවාරයේම අහිමි වුනා.
• Middle overs වල run rate එක 6ට අඩු වුනා.
• Fielding errors සෑහෙන ප්‍රමාණයක් තිබුනා.(misfields / dropped half-chances)
• Death overs වල 40 වඩා ලකුණු ලබා දුන්නා.

මුලදි තරගය හොදින් රැකගෙන ආවත් මේ හේතු තරගයේ turning point එක වුණා. නවසීලන්තය වගේ ශක්තිමත් කණ්ඩායමකට එවැනි අවස්ථා ලබාදුන්නොත්, ඔවුන් ඒවා අතහැර දමනවාද ?

🌟 T20 තරගාවලියේදී අපේ කණ්ඩායම කැපීපෙනෙන දක්ෂතා දැක්වුයේ නැද්ද?

අපි negative පැත්ත පමණක් බලනවා නම් සම්පූර්ණ චිත්‍රය පේන්නේ නැහැ. නමුත්,

✅ (1)අලුත් තරුණ ක්‍රීඩකයන්ගේ දක්ෂතා

නව පන්දු යවන්නන් powerplay එකේ economy rate එක 6ට අඩුවෙන් පවත්වාගත් තරග තිබුණා.

✅ (2) Individual brilliance

T20 තරගාවලියේදී
• Strike rate 140 වඩා ඉක්මවූ පිතිකරුවන්
• Hat-trick chance එකක් නිර්මාණය කළ පන්දුයවන්නන්
• පන්දුවාර 4 තුළ ලකුණු 20ටත් අඩුවෙන් කඩුළු 2ක් ලබාගත් අවස්ථාද තිබුනා.

✅ (3) Fielding standards

Direct hit run-outs, boundary line saves වැනි අවස්තාද අපි දැකපු තරග අතර තිබුණා.

ඒ කියන්නේ talent එක නෑ කියන්නත් බෑ. Consistency එක තමයි ගැටලුව.

🧠 එහෙනම් ප්‍රශ්නය පුහුණුකරුද? නැත්නම් ක්‍රීඩකයන්ද?

National team එකක් හොඳ හෝ නරක වීම පුහුණුකරුගේ අතේ පමණක් නැහැ.
• Domestic structure
• Player discipline
• Fitness standards
• Mental toughness

මේ සියල්ලම එකට සම්බන්ධයි.

ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක්. අද පරාජය වුණ කණ්ඩායම හෙට ශූරයෙක් වෙන්න පුළුවන්. නමුත් ඒකට consistency, accountability, සහ hunger එක ඉතා අවශ්‍යයි.

🇱🇰 එහෙනම්… අපිට ඉන්නෙ දුර්වල කණ්ඩායමක්ද?

අපි සම්පූර්ණයෙන්ම දුර්වල කණ්ඩායමක් නම්:
• අපිට powerplay spells dominate කරන්න බැරි වෙනවා
• ලකුණු 180ට වඩා වැඩි ඉලක්ක ලුහු බදින්න බැරි වෙනවා
• Australia වගේ Top teams වලට පීඩනයක් දෙන්න බැරි වෙනවා

නමුත් මේ සියල්ල හොදින් කරපු තරග තියෙනවා.

එහෙනම් අන්තිමට මුරලිගේ කතාවේ සත්‍යයතාවය මොකක්ද?
අපි දුර්වල කණ්ඩායමක් නොවෙයි.
අපි අස්ථිර කණ්ඩායමක්.

🔚 අවසාන වශයෙන් 👇🏻

අපිට බලාපොරොත්තුවක් තියාගන්න බැරිද කියන ප්‍රශ්නයට පිළිතුර සරලයි:

අපට දක්ෂතා තියෙනවා.
අපිට වාර්තා තියෙනවා.
අපිට අවස්තා තියෙනවා.

නැතිවෙලා තියෙන්නේ එකම දෙයක් – ඒ අඛණ්ඩත්වය (Consistency).

ඉතින්,
🇱🇰 ශ්‍රී ලංකාව දුර්වල කණ්ඩායමක් කියලා තීරණය කරන්නෙ ඔබමයි.

අපි හදිසි විනිශ්චයක් දෙනවද?
නැත්නම් මේ කණ්ඩායමට තව අවස්ථාවක් දෙනවද?

මේ වෙලාවේ ක්‍රිකට් වලට ඇත්තටම ආදරේ කරනව නම්, ලංකාවේ ඉන්න අපේ සහෝදර සහෝදරියන් පකිස්ථානයට එරෙහිව තියන තරගය නරඹන්න එකතුවෙන්න. Cheer කරන්න. අපි ලංකාව දිනවමු! 🇱🇰

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *