← BACKSport

නවසීලන්ත කණ්ඩායම 2026 T20 ලෝක කුසලානයේ අර්ධ අවසන් වටයට තේරෙයි!

BY DhanushPUBLISHED MARCH 3, 20261 MIN READ0 COMMENTS

ICC Men’s T20 World Cup 2026 තරඟාවලියේ අර්ධ අවසන් වටයට New Zealand (Black Caps) කණ්ඩායම සුදුසුකම් ලබාගෙන ඇත.

මෙය ලැබුණේ ඔවුන්ගේ අවසන් තරඟයේ ජයග්‍රහණයකින් නොව, වෙනත් තරඟයක ප්‍රතිඵලයක් නිසා ය.

🔹 කොහොමද මේ අවස්ථාව ලැබුණේ?

👉🏻නවසීලන්තය ඔවුන්ගේ අවසන් Super 8 තරඟය එංගලන්තය හමුවේ පරාජය විය.

👉🏻ඒ නිසා ඔවුන්ගේ අර්ධ අවසන් සුදුසුකම තීරණය වුණේ Pakistan හා Sri Lanka අතර තිබූ තරඟය මතයි.

👉🏻පාකිස්තානයට නවසීලන්තය පසුකර යාමට අවම වශයෙන් ලකුණු 65කින් ජයග්‍රහණය කළ යුතුව තිබුණා.

👉🏻නමුත් ඔවුන් ජයගත්තේ ලකුණු 5කින් පමණයි.

🤩ඒ නිසා Net Run Rate (NRR) හේතුවෙන් නවසීලන්තය ඉදිරියට ගියා.

🔹 පාකිස්තානය vs ශ්‍රී ලංකා තරඟයේ විශේෂ දේවල්

👉🏻පාකිස්තානය ලකුණු 212/8ක් ලබාගත්තා.

👉🏻ඔවුන්ගේ ක්‍රීඩකයෙකු වන Sahibzada Farhan ශතකයක් වාර්තා කළා.

👉🏻ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේදී ලකුණු 207/6ක් ලබාගත්තා.

👉🏻නායක Dasun Shanaka නොදැවී ලකුණු 76ක් ලබාගත්තා.

👉 ශ්‍රී ලංකාව අවසානය දක්වා සටන් කළේ නවසීලන්තයට වාසිදායක තත්ත්වයක් ඇති කරමින්. ඒ කියන්නෙ නවසීලන්තය අවසන් පූර්ව තරගයට තේරීපත් වුනේ ශ්‍රී ලංකාවේ දස්කම් නිසා කීවොත් නිවැරදියි.

🔹 දැන් අර්ධ අවසන් වටයේ තත්ත්වය කුමක්ද?

නවසීලන්තය සමඟ අර්ධ අවසන් වටයට පැමිණ ඇති කණ්ඩායම් අතර South Africa සහ එංගලන්තය ද ඇත.

🔥 නවසීලන්තය මුණගැසෙන කණ්ඩායම තවම නිශ්චිත නොවුණත්, ප්‍රබල තරඟයක් අපේක්ෂා කළ හැක.

🎉 අපි Newzealand Black caps කණ්ඩායමට ලෝක කුසලානය ජයගැනීමට සුභ පතමු!

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *