
ඉරානයට එරෙහිව ක්‍රියාත්මක වන අතිශය තීරණාත්මක හමුදා මෙහෙයුම් පිළිබඳව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් අද (02) විශේෂ ප්‍රකාශයක් සිදු කළා. ඔහු පවසන්නේ මෙය ඉතිහාසයේ දරුණුතම සහ සංකීර්ණතම ගුවන් මෙහෙයුම බවයි.
ට්‍රම්ප්ගේ සෘජු නියෝගයක්.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග මත වසර 47ක ඉරාන සටන්කාමීත්වයට තිත තැබීම මෙහි අරමුණයි.
න්‍යෂ්ටික බලයට වැට බඳී.
Operation Midnight Hammer හරහා ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ කර ඇති බව තහවුරු කරයි.
මෙය හුදෙක් පාලන තන්ත්රය වෙනස් කිරීමක් නොව, අමෙරිකාවට තර්ජනයක් වන මිසයිල සහ ආරක්ෂක යටිතල පහසුකම් අඩපණ කිරීමයි.
අවසන් අනතුරු ඇඟවීම මෙන්න. “අමෙරිකානුවන්ට තර්ජනයක් වන ඕනෑම අයෙකු කිසිදු පැකිලීමකින් තොරව හඹා ගොස් දඬුවම් කරනවා. බුද්ධිමත්ව තීරණ ගන්න!” ආරක්ෂක ලේකම්වරයා ඉරාන ආරක්ෂක අංශවලට දන්වා සිටියි. ![]()
”අපි යුද්ධයක් ඉල්ලුවේ නැහැ, නමුත් ජනාධිපති ට්‍රම්ප් යටතේ අපි එය නිමාවට පත් කරනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් සහතික වුණා. ![]()
ලෝක දේශපාලනය උඩුයටිකුරු කරන මේ තීරණය ගැන ඔබේ අදහස කුමක්ද? යුද්ධයක නිමාවද? නැතිනම් අලුත් ගැටුමක ආරම්භයක්ද? පහතින් කමෙන්ට් කරන්න. ![]()

0 Comments