
(ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ)
”ජනාධිපති ට්‍රම්ප් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් අපව පරම්පරා ගණනාවක යුද උගුලකට හසුකර තිබෙනවා!” – ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස් (AOC) දැඩි විවේචනයක.
මධ්‍යම රාත්‍රියේ මැදපෙරදිගින් ඇසෙන යුද බෙර හඬත් සමඟ, අමෙරිකානු දේශපාලනය දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.
• දෝෂාභියෝගයක්?
ජනාධිපති ට්‍රම්ප් කොංග්රස් අනුමැතියකින් තොරව හිතුවක්කාරී ලෙස හමුදා බලය භාවිතා කිරීම දෝෂාභියෝගයකට ප්‍රබල පදනමක් බව AOC පවසයි.
• ජීවිත හානි වාර්තා වෙයි.
ඉරානයට එල්ල වූ ප්‍රහාරත් සමඟ පළමු ඇමරිකානු සෙබළ මරණ වාර්තා වීම කැපිටල් හිල් දේශපාලනඥයන් කම්පනයට පත් කර ඇත.
• යුද බලතල පනත.
ට්‍රම්ප්ගේ “ආවේගශීලී” තීරණ පාලනය කිරීමට සහ ඉරානයේ හමුදා මෙහෙයුම් සීමා කිරීමට අදාළ යෝජනාවක් සඳහා කොංග්‍රසය මේ සතියේ ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි.
• සෙනෙට් සභිකයන්ගේ මතය.
“අපේ හමුදා භටයින්ගේ ජීවිත අනතුරේ. කොංග්රස් අනුමැතිය නැතිව යුද්ධයකට යා නොහැකියි” – සෙනෙට් සභික ටිම් කේන් සහ මාර්ක් කෙලී සහාය දක්වති.
• ට්‍රම්ප්ගේ ස්ථාවරය.
ඉලක්ක සපුරා ගන්නා තෙක් මැදපෙරදිග ප්‍රහාර නතර නොකරන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.
ඉදිරියේදී කුමක් වේවිද?
රිපබ්ලිකන් පාක්ෂිකයන් බහුතරයක් ට්‍රම්ප්ට සහාය දෙනු ඇතැයි අපේක්ෂා කළද, වර්ධනය වන යුද වාතාවරණය හමුවේ ඇමරිකාව මෙන්ම මුළු ලෝකයම දැඩි අස්ථාවරත්වයකට ඇද වැටීමේ අවදානමක් මතුව ඇත.

0 Comments