
කොවිඩ්-19 වසංගතය ලෝකයම කම්පනයට පත් කළ සමයේ, මිනිස් ජීවිත රැකගැනීමට විද්‍යාඥයින් සොයාගත් හොදම විසඳුම වූයේ කොවිඩ් එන්නතයි. ලෝකය පුරා මිලියන ගණනක් ජනතාව එන්නත් ලබාගත්තේ ජීවිතය නැවත සාමාන්‍යය තත්වයට ගෙන ඒමට තිබූ විශ්වාසය නිසායි.
එහෙත්, එම බලාපොරොත්තු අතරින් මඳක් සොම්නස අහිමි කළ කතාවක් පසුව හෙළි විය.
විශේෂයෙන් යොවුන් වයසේ පිරිමි ළමයින් අතර, කොවිඩ් එන්නත් දෙකක් ලබාගත් පසු හදවතේ දැවිල්ලක් (Myocarditis) වැනි දුර්ලභ රෝග ලක්ෂණ කිහිපයක් වාර්තා වීමට පටන් ගත්තේය. මේ තත්ත්වය හේතුවෙන් පපුවේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතාව සහ හෘද ස්පන්දන වේගය වෙනස් වීම වැනි ලක්ෂණ පෙන්නුම් කළ හැකි බව වෛද්‍යවරු සදහන් කළා.
මෙම සිද්ධීන් බහුල නොවූවත්, ඒවා යොවුන් පරපුරේ සෞඛ්‍යය ගැන විශාල ප්‍රශ්න මතුකරනවා.
මුලින්ම මේ ගැන් දැනගත්තේ කවුද?
2021 වසරේ මුල් කාලයේ, ලෝකය පුරා එන්නත් වැඩසටහන් වේගයෙන් ක්‍රියාත්මක වෙමින් තිබුණා. එදා වෛද්‍යවරු සහ සෞඛ්‍ය පද්ධති, එන්නත් ලබාගත් පසු ඇතිවන සියලු අතුරු ප්‍රතික්‍රියා සටහන් කිරීමට පටන් ගත්තා.
කාලයත් සමග, විශේෂයෙන් දෙවැනි එන්නත් මාත්‍රාවෙන් පසු සතියක් ඇතුළත, යොවුන් වයසේ කිහිප දෙනෙකුට හදවත් දැවිල්ලක් ඇතිවූ බව වාර්තා වුනා.
මෙම වාර්තා එක්ක, සෞඛ්‍ය ආයතන සහ විද්‍යාඥයින් අතර ගැඹුරු පරීක්ෂණ සහ විමර්ශන ආරම්භ වුනා.
ඇත්තටම එය කෙතරම් අවදානම්ද?
විද්‍යාත්මක පර්යේෂණ අනුව, මෙම තත්ත්වය අතිශය දුර්ලභ බව පෙන්වා දී තිබේ. මිලියන ගණනක් එන්නත් ලබාගත් යොවුන් පිරිස අතරින් ඉතා සුළු සංඛ්‍යාවක් පමණක් මෙයට ගොදුරු විය.
ඒ වගේම, එවැනි තත්ත්වයකට පත්වූ බොහෝ දෙනා වෛද්‍ය ප්‍රතිකාරයෙන් ඉක්මනින් සුවය ලබාගෙන තිබේ.
එහෙත් ප්රශ්නය තවමත් එහෙමමයි…
“මෙම අවදානම ගැන මුලින්ම දැනගත්තේ කවුද?
“ඒ ගැන ජනතාවට දැනුම් දුන්නේ කවදාද?”
යන ප්‍රශ්න අදත් නවසීලන්තයේ මෙන්ම විවිධ රටවල විවාදයට ලක්වෙමින් පවතී.
කෙසේ වෙතත්, වෛද්‍ය විශේෂඥයින් අවධාරණය කරන්නේ මෙයයි:
කොවිඩ් රෝගය හදවතට ඇති කරන අවදානම, එන්නත් නිසා ඇතිවන දුර්ලභ අවදානමට වඩා බොහෝ විට වැඩි බවයි.

0 Comments