
සිසුන් දැඩි අවධානයෙන් සිටිය යුතු රෝග ලක්ෂණ මෙන්නනවසීලන්තයේ ඔටාගෝ විශ්ව විද්‍යාලයේ (University of Otago) සිසුවෙකුට මොළේ උණ (Meningococcal disease) වැළඳී ඇති බව තහවුරු වී තිබේ. රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විශ්ව විද්‍යාල බලධාරීන් මේ වන විට සෞඛ්‍ය අංශ සමඟ එක්ව කටයුතු කරමින් සිටී.
විශ්ව විද්‍යාලයේ උපකුලපති ග්‍රාන්ට් රොබර්ට්සන් මහතා පවසන්නේ ආසාදිතයා සමඟ සමීප සබඳතා පැවැත්වූ පිරිස් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය එන්නත් සහ ප්‍රතිජීවක ලබා දීමට පියවර ගෙන ඇති බවයි. මෙම බැක්ටීරියාව කැස්ස, කිවිසුම් යාම හෝ කෙළ බිඳිති වැනි සමීප සම්බන්ධතා හරහා ව්‍යාප්ත වන බැවින් අනෙකුත් සිසුන්ට ද දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇත.
🔴 ඔබ සැලකිලිමත් විය යුතු රෝග ලක්ෂණ:
මොළේ උණ ඉතා වේගයෙන් උත්සන්න විය හැකි බැවින්, පහත රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්න:
තද උණ සහ දරාගත නොහැකි හිසරදය
බෙල්ලේ තද ගතිය (බෙල්ල හැරවීමට ඇති අපහසුව)
ඔක්කාරය හෝ වමනය
ආලෝකය දෙස බැලීමට අපහසු වීම
මනස ව්‍යාකූල වීම
හම මත රතු පැහැති ලප මතුවීම (තද කළ විට මැකී නොයන ලප)
මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම් ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ හෝ වෛද්‍යවරයකු වහාම සම්බන්ධ කරගන්නා ලෙස විශ්ව විද්‍යාලය සිසුන්ට අවධාරණය කරයි.

0 Comments