
නවසීලන්තයේ ප්‍රධාන විපක්ෂ නායකයා වන Chris Hipkins පිළිබඳව ඔහුගේ හිටපු බිරිඳ විසින් සමාජ මාධ්‍ය මඟින් කළ චෝදනා කිහිපයක් ගැන මේ දිනවල නවසීලන්ත දේශපාලනය තුළ විශාල අවධානයක් යොමු වී තිබේ.
කෙසේ වෙතත්, මෙම චෝදනා තහවුරු කර නොමැති (unsubstantiated) බව මාධ්‍ය වාර්තා කර ඇති අතර, Hipkins එම චෝදනා සපූර්ණයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.
📱 සමාජ මාධ්‍ය පෝස්ට් එකකින් ආරම්භ වූ ගැටලුව.
වාර්තා අනුව, Hipkinsගේ හිටපු බිරිඳ Jade Paul විසින්
පෞද්ගලික Facebook ගිණුමක ඔවුන්ගේ පවුල් ජීවිතය සම්බන්ධ පුද්ගලික චෝදනා කිහිපයක් පළ කර තිබුණි.
‼️පසුව එම පෝස්ට් ඉවත් කර ඇති බව වාර්තා වේ.
⚠️ වැදගත්ම කරුණ නම් – නීතිවිරෝධී ක්‍රියාවක් ගැන චෝදනා කිසිවක් නැහැ.
මාධ්‍ය වාර්තා අනුව,
👉🏻මෙම චෝදනා නීතිවිරෝධී ක්‍රියාවක් සම්බන්ධ නොවන බව පැහැදිලි කර ඇත.
👉🏻එම චෝදනා ස්වාධීනව තහවුරු කර නොමැති පුද්ගලික ප්‍රකාශ ලෙස සලකයි.
🧑⚖️ Hipkinsගේ ප්‍රතිචාරය
Hipkins කෙටි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ:
ඔහු සියලු චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවත් මේ සම්බන්ධයෙන් නීතිමය උපදෙස් ලබාගනිමින් සිටින බවත් ය.
තවද මේ ගැන තවදුරටත් අදහස් දැක්වීමට අදහස් නොකරන බවයි.
👨👩👧👦 පවුල් පසුබිම
👉🏻Hipkins සහ Jade Paul 2020 දී විවාහ විය.
👉🏻ඔවුන් 2022 දී වෙන්වී සිටීමට තීරණය කළහ.
👉🏻මෙම යුවළට දරුවන් දෙදෙනෙකු ඇත.
💁🏻♂️2023 දී Hipkins ප්‍රධාන අමාත්‍යවරයා වූ සමයේදී මෙම වෙන්වීම පවුලේ යහපත වෙනුවෙන් ගත් තීරණයක් ලෙස ඔහු ප්‍රකාශ කළේය.
🏛️ Labour පක්ෂයේ ප්‍රතිචාරය
Barbara Edmonds (Labour පක්ෂයේ ආර්ථික ප්‍රකාශිකාව) පැවසුවේ:
👉🏻පක්ෂය Hipkins කෙරෙහි විශ්වාසය තවමත් පවතින බව
👉🏻පවුල් ගැටලු ඉතා පුද්ගලික කරුණක් බව
👉🏻මෙවැනි පුද්ගලික ප්‍රහාර දේශපාලනයට හිතකර නොවන බවයි.

0 Comments