← BACKCrime

අන්තර්ජාලයෙන් කුඩා දරුවෙකුට ලිංගික අපයෝජනයක් සිදුකිරීමට උත්සහ දැරූ Waikato පුද්ගලයෙක් අත්අඩංගුවට.

BY DhanushPUBLISHED MARCH 19, 20261 MIN READ0 COMMENTS

කුඩා ගැහැණු දරුවා ලෙස රගපා ඇත්තේ කැනේඩියානු විමර්ශකයෙක්.

💻 සිදුවීම කුමක්ද?

නවසීලන්තයේ Waikato ප්‍රදේශයේ පුද්ගලයෙකු සම්බන්ධයෙන් බරපතළ චෝදනාවක් මතුවී තිබේ. ඔහු අන්තර්ජාලය හරහා කුඩා වයසැති ගැහැණු ළමයෙකු සමඟ සම්බන්ධ වී, ඇයව “grooming” කළ බවට කියා සිටී.

මෙහිදී “grooming” කියන්නේ, කුඩා දරුවන් සමඟ විශ්වාසයක් ගොඩනගා, පසුව අනිසි හෝ ලිංගික අරමුණු සඳහා ඔවුන්ට සමීප වීමට උත්සාහ කිරීමයි.

🎭 ඇත්ත හෙළිවූ විදිහ. (කතාවේ climax එක)

මෙම සිදුවීම හිතාගන්න බැරි තවත් පැත්තකට අපිව අරගෙන යනවා.

ඔහු සම්බන්ධ වූ “13 හැවිරිදි දැරිය” ඇත්තටම ළමයෙකු නොවෙයි.😵😵😵

👉 ඇත්තටම ඒ කැනඩාවේ සිටින අන්තර්ජාල අපරාධ හඳුනාගන්නා පුද්ගලයෙකු (online investigator) ය.

ඔහු කුඩා ළමයෙකු ලෙස පෙනී සිට සැකකරුවන් හඳුනාගැනීමට මෙවැනි සූක්ෂම ක්‍රම භාවිතා කරයි.

⚠️ ඔහුට විරුද්ධ චෝදනා මොනවාද?

සැකකරුවා සම්බන්ධයෙන් කියවෙන ප්‍රධාන කරුණු මෙසේය:

තමන් වඩා වැඩි වයසක පුද්ගලයෙකු බව දැනගෙනත්

👉 “13” වයසැති බව කියන ළමයෙකු සමඟ කතා කිරීම.

👉🏻අසභ්‍ය කතා හා ලිංගික අදහස් පළ කිරීම.

👉🏻ඡායාරූප සහ වීඩියෝ ඉල්ලීම

👉🏻පසුව Discord වැනි app එකකට මාරුවීම

‼️මෙම සියල්ල “online grooming” ලෙස සැලකෙන බරපතළ චෝදනා වේ.

🎥 මුහුණට මුහුණ හමුවීමක්…..

මෙම විමර්ශකයා පසුව නවසීලන්තයට පැමිණ ඇත.

👉🏻සැකකරුවාගේ රැකියා ස්ථානයටත්, ඔහුගේ නිවසටත් ගොස් ඔහු හා මුහුණට මුහුණ ප්‍රශ්න කළේය.

👉🏻එම අවස්ථාව වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙතද පළ කර තිබේ.

👉🏻එහිදී සැකකරුවා තම ක්‍රියා වැරදි ලෙස පිළිගෙන ඇත.

නමුත් පසුව වැඩිදුර අදහස් දැක්වීමෙන් වැළකී තිබේ.

👮‍♂️ පොලිසියෙන් ලැබුණු ප්‍රතිචාර….

නවසීලන්ත පොලිසිය මෙම සිදුවීම පිළිබඳව නිල වශයෙන් දැනුවත් වී ඇති අතර මේ පිළිබදව පරීක්ෂණයක්ද ආරම්භ කර ඇත.

පොලිසිය පවසන්නේ:

👉 සමාජ මාධ්‍ය වීඩියෝ පමණක් පදනම් කරගෙන නොව,

👉 සත්‍ය සාක්ෂි පරීක්ෂා කරමින් ක්‍රියාමාර්ග ගන්නා බවයි.

⚠️මෙම සිදුවීම මගින් පෙනීයන්නේ අන්තර්ජාලය තුළ ළමයින්ට ඇති අවදානම ඉතා ඉහළ බවයි.

ඒ නිසා මව්පියන්, ගුරුවරුන් හා සමාජය යන සියල්ලන්ම එකට එකතු වී, ළමයින්ගේ online ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *