← BACKHealth

නවසීලන්තයේ ළමුන් අතර ඇන්ටිබයොටික් බෙහෙත් භාවිතය ඉහළයි. ඇතිවන අවදානම ගැන දෙමවුපියන් දැනුවත්ද?

BY Dhanush•PUBLISHED MARCH 19, 2026•1 MIN READ•0 COMMENTS

නවසීලන්තයේ ළමුන් අතර ඇන්ටිබයොටික් බෙහෙත් භාවිතය ඉතා ඉහළ මට්ටමක පවතින බව නව සෞඛ්‍ය වාර්තා මඟින් අනාවරණය වී තිබේ. විශේෂයෙන්ම අවුරුදු 5ක් වනවිට බොහෝ දරුවන්ට කිහිප වරක් ඇන්ටිබයොටික් ලබාදී ඇති බව පර්යේෂණ පෙන්වා දෙයි.

වෛද්‍යවරුන් පවසන්නේ, මෙම බෙහෙත් නිසි අවස්ථාවලදී ජීවිත බේරාගැනීමට වැදගත් වුවද, අතිරික්ත භාවිතය අනාගත සෞඛ්‍යයට බරපතළ ගැටලු ඇති කළ හැකි බවයි.

📊 ළමුන්ට ඇන්ටිබයොටික් බහුලව ලබාදෙන හේතු.

ළමුන්ට බොහෝ විට කන් ආසාදන, උගුරේ ආසාදන, උණ හෝ හුස්ම ගැනීමේ ආසාදන වැනි රෝග සඳහා බෙහෙත් ලබාදෙනවා.

නමුත් සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ:

👉🏻බොහෝ රෝග වෛරස් (virus) මගින් ඇතිවනවා

👉🏻ඇන්ටිබයොටික් බෙහෙත් වෛරස් වලට ක්‍රියා නොකරයි

⁉️එවැනි අවස්ථාවලදී බෙහෙත් ලබාදීම අවශ්‍ය නොවන භාවිතයක් විය හැක.

⚠️ ඇන්ටිබයොටික් අධික භාවිතයේ විශාල අවදානම.

විශේෂඥයන් අනතුරු අඟවන්නේ, ඇන්ටිබයොටික් බහුලව භාවිතා කිරීමෙන් බැක්ටීරියා බෙහෙත් වලට ප්‍රතිරෝධී වීම (Antibiotic Resistance) සිදුවන බවයි.

එය සිදුවුණහොත්:

👉🏻සාමාන්‍ය ආසාදන සදහා ප්‍රතිකාර කිරීමට අපහසු විය හැක.

👉🏻බෙහෙත් පසුකාලීනව ක්‍රියා නොකිරීමේ අවදානම ඇතිවේ.

👉🏻රෝග ප්‍රතිකාරය වඩා දුෂ්කර සහ දිගු කාලයක් ගතවන එකක් විය හැක.

මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය අනුව ලෝකයේ ඉදිරියට මුහුණදීමට ඇති ප්‍රධාන සෞඛ්‍ය අභියෝගවලින් එකක් ලෙසද සැලකේ.

👨‍⚕️ දෙමාපියන්ට වෛද්‍ය උපදෙස්….

සෞඛ්‍ය විශේෂඥයන් දෙමාපියන්ට උපදෙස් දෙන්නේ:

👉🏻වෛද්‍ය උපදෙස් නොමැතිව ඇන්ටිබයොටික් භාවිතා නොකිරීමට.

👉🏻සරල උණ හෝ සෙම් ආශ්‍රිත රෝගවලදී අවශ්‍ය නම් විවේකය සහ සාමාන්‍ය ප්‍රතිකාර භාවිතා කිරීමට.

👉🏻බෙහෙත් ලබාගත් විට නියමිත පරිදි සම්පූර්ණ මාත්‍රාව අවසන් කිරීමට.

මෙයින් පැහැදිලි වන්නේ ඕනෑවට වඩා ප්‍රතිකාර ලබාගැනීමත් ඔබව ලෙඩ කරන බව නේද? ඒ නිසා නිසි වෛද්‍ය උපදෙස් වලට අනුව ක්‍රියාකරන්න.ඔබේ දරුවාගේ ජීවිතය ආරක්ෂා කරගන්න. අනිත් දෙමාපියන්ටත් දැනගන්න ශෙයාර් කරන්න.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *