← BACKSport

නවසීලන්ත ශ්‍රී ලාංකික සමාජයේ විශාලතම ක්‍රිකට් උණුසුම.ආනන්ද නාලන්ද “Maroons Battle” 8 වෙනි වරටත්.

BY Dhanush•PUBLISHED MARCH 21, 2026•1 MIN READ•0 COMMENTS

නවසීලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව අතර විශාල උනන්දුවක් ඇතිකරපු Maroons Big Match තරඟ මාලාවේ 8වන මහා තරඟය මෙම මස 28 වන දින උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියල්ල සූදානම් කර ඇත.

මෙය සාමාන්‍ය ක්‍රිකට් තරඟයක් පමණක් නොවේ, නවසීලන්තයේ ශ්‍රී ලාංකිකයන් එකට එක්වන ක්‍රීඩා, සමාජ සහ පවුලේ හැමෝටම එකතුවෙන්න පුළුවන් උත්සවයක්. සෑම වසරකම වගේම මෙවරත් උණුසුම් තරඟයක්, පැරණි මිතුරන්ගේ හමුවක්, සහ පාසල් අභිමානයෙන් පිරුණු දවසක් ලෙස මෙය පැවැත්වීමට නියමිතයි.

📅 දිනය: මාර්තු 28
⏰ වේලාව: පෙ.ව. 9.30 සිට
📍 ස්ථානය: Cornwall Cricket Club Ground, New Zealand

මෙවර උත්සවය වඩාත් විශේෂ වන්නේ, පවුලේ සියල්ලටම රසවිඳිය හැකි විනෝදාස්වාද වැඩසටහන් රැසක් සංවිධානය කර තිබීමයි.

🎉 උත්සවයේ විශේෂතා
• රසවත් ආහාර අලෙවි කුටි
• ළමුන් සඳහා Bouncy Castle
• Raffle Draw ත්‍යාග
• ශ්‍රී ලාංකික Papare සංගීතය
මේ සියළු දේ ඔබට එදාට විදගන්න පුළුවන්….

නවසීලන්තයේ පැවැත්වෙන ශ්‍රී ලාංකිකයන්ගේ විශාලතම Big Match ක්‍රිකට් තරගයක් ලෙස සැලකෙන මෙම ක්‍රිකට් තරගය නැරඹීමට ඔබගේ පවුලේ අය, මිතුරන් සහ ආදරණීයයන් සමඟ පැමිණ ක්‍රීඩා උණුසුම සහ ශ්‍රී ලාංකික හැඟීම එකට රසවිදගන්න.

👉 මෙම අවස්ථාව මගහැරගන්න එපා. නවසීලන්තයේ ලොකුම Big Match එක ඔබ එනතෙක් බලා සිටිනවා! 🏏🔥🇱🇰🇳🇿

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *