← BACKPolitics

නවසීලන්තයට හොරා Cook Islands හා චීනය අතර ඇතිවූ ගිවිසුමේ ගැටළුව අවසන්.

BY Dhanush•PUBLISHED APRIL 2, 2026•1 MIN READ•0 COMMENTS

Cook Islands සහ චීනය අතර ඇතිකරගත් ගිවිසුමක් සම්බන්ධයෙන් උද්ගත වූ නවසීලන්ත හා cook island දේශපාලන ගැටුම අවසානයකට පැමිණ ඇති බව වාර්තා වෙයි. ඒ සදහා සාකච්ඡා මාර්ගයෙන් ගත් නව ආරක්ෂණ ප්‍රකාශනයක් මඟින් දැන් විසඳුමක් ලැබී තිබේ. වසරකට වැඩි කාලයක් දිගු වූ මෙම ගැටළුව නිමා කරමින්, දෙරට අතර සම්බන්ධතා නැවත සවිබලගැන්වීමට මෙම ගිවිසුම උපකාරී වී ඇත.

මෙම ගැටුම ආරම්භ වූයේ 2025 වසරේදී Cook Islands රජය, නවසීලන්තය හා සාකච්ඡා නොකරමින් චීනය සමඟ විශාල උපායමාර්ගික ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුවය. එම ගිවිසුම වෙළඳාම, මුහුදු සම්පත්, සහ යටිතල පහසුකම් වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාවය ඇතුළත් වූ අතර, නවසීලන්තයට එය ආරක්ෂක ගැටළු පිළිබඳ අවදානමක් ඇති කළේය.

නවසීලන්තය මෙම තත්ත්වයට ප්‍රතිචාර ලෙස Cook Islands වෙත ලබාදුන් මිලියන ගණනක මූල්‍ය ආධාර නවතා දැමූ අතර, දෙරට අතර විශ්වාසය දැඩි ලෙස පිරිහී ගියේය.

කෙසේ වෙතත්, නව ආරක්ෂක සහ ආරක්ෂණ ප්‍රකාශනයක් අත්සන් කිරීමෙන් දෙරට අතර සබඳතා නැවත අලුත් කර ඇත.

මෙම ගිවිසුමට අනුව:
නවසීලන්තය Cook Islands හි “ප්‍රධාන ආරක්ෂක හවුල්කරුවා” ලෙස තහවුරු කර ඇති අතර, ආරක්ෂාවට සම්බන්ධ සියලුම කාරණා පිළිබඳව දෙපාර්ශවය ප්‍රථමව සහ විවෘතව සාකච්ඡා කිරීමට එකඟ වී ඇත.

Cook Islands රජයද, අනාගතයේදී වෙනත් රටවල් සමඟ කරන ගිවිසුම් නවසීලන්තයට දැනුම් දීමට සහ එම ගිවිසුම් ආරක්ෂාවට බලපාන්නේ නම් සීමා කිරීමටද එකඟ වී ඇත.

විදේශ කටයුතු අමාත්‍ය Winston Peters සඳහන් කළේ, මෙම ගිවිසුම මඟින් දෙරට අතර පැවති “අසමගිය සහ ගැටුම්” ඉවත් කර, අනාගතයට එකට ගමන් කිරීමට මඟ සලසන බවයි.

Cook Islands අගමැති Mark Brown ද මෙම ගිවිසුම “අනාගතය දෙස එකට යාමට ගත් වැදගත් පියවරක්” ලෙස විස්තර කළේය.

මෙම නව ගිවිසුමෙන් පසු, නවසීලන්තය විසින් නවතා තිබූ ආධාර නැවත ලබාදීමටත් පොරොන්දු වී තිබේ.

එහෙත්, Cook Islands සහ චීනය අතර පවතින ගිවිසුම සම්පූර්ණයෙන්ම අවලංගු කර නැති අතර, එය ඉදිරියේදී කෙසේ බලපායිද යන්න පිළිබඳව නවසීලන්තයේ අවධානය තවදුරටත් යොමු වෙයි.

මෙම සිද්ධිය පැසිෆික් කලාපයේ බලපෑම් සඳහා චීනය, නවසීලන්තය සහ අනෙකුත් බලවතුන් අතර ඇති වන තරඟකාරීත්වය පැහැදිලි කරන අතර, කුඩා දූපත් තම ආරක්ෂාව සහ ආර්ථික වාසි අතර සමතුලිතතාවයක් සොයන ආකාරය ද මෙයින් හෙළි කරයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *