
නවසීලන්තයේ Health New Zealand ආයතනය, ගර්භණීකාළය අතරතුර හෝ උපතින් පසු කාලයේ දරුවා අහිමි වන (perinatal loss) පවුල්වලට සහාය ලබාදීම සඳහා නව මාර්ගෝපදේශයක් නිකුත් කර ඇත.
මෙම මාර්ගෝපදේශය දිගු කාලයක් බලාපොරොත්තු වූ එකක් වන අතර, දරුවා අහිමිවීමෙන් පීඩාවට පත්වන පවුල්වලට වඩා හොඳ සහායක් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
මෙම නව මාර්ගෝපදේශය තුළ, වෛද්‍ය සේවකයින්ට (doctors, nurses, midwives) පවුල්වලට, හොඳින් සහාය විය යුතු ආකාරය පිළිබඳ පැහැදිලි උපදෙස් ලබාදී ඇත.
විශේෂයෙන්,
👉🏻දුක්ඛිත හා ශෝකී අවස්ථා සදහා මුහුණ දෙන පවුල්වලට සංවේදී ලෙස සන්නිවේදනය කිරීමේ වැදගත්කම.
👉🏻පවුල්වල තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහභාගී වීම.
👉🏻දෙමාපියන්ගේ හැඟීම් සහ ඔවුන්ගේ “දෙමාපියත්වය” ගෞරවයෙන් පිළිගැනීම.
👉🏻දිගුකාලීන මානසික සහාය ලබාදීම.
මෙවැනි මූලික කරුණු ඇතුළත් කරමින්, පවුල්වලට හොඳම සත්කාරය ලබාදීමේ ක්‍රමයකට මඟ පෙන්වයි.
විද්‍යාත්මක වශයෙන්, දරුවා අහිමි වීම පවුලකට සිදුවන ඉතාම දුෂ්කර සහ වේදනාකාරී අත්දැකීමක් ලෙස සැලකේ.
මෙවැනි අවස්ථාවක:
👉🏻කම්පනය
👉🏻අපහසුතාවය
👉🏻වරදකාරී හැඟීම්
👉🏻දිගුකාලීන මානසික පීඩනය
වැනි ප්‍රතිචාර සාමාන්‍ය බවද මෙම මාර්ගෝපදේශය තුළ සලකා බලයි. මෙය, නවසීලන්තයේ පවුල්වලට අතිශය අවශ්‍ය වූ දයාව සහ සහයෝගය වැඩි කිරීමේ වැදගත් පියවරක් ලෙස සැලකේ.

0 Comments