← BACKTechnology

සඳ පිටුපස අතරමං වූ මිනිත්තු 40ක්! 🌑🛰️

BY DhanushPUBLISHED APRIL 6, 20261 MIN READ0 COMMENTS

​පෘථිවියෙන් ලක්ෂ ගණනක් කිලෝමීටර් ඈතින්, හුදකලාව අභ්‍යවකාශයේ සැරිසරන මිනිසුන් හතර දෙනෙකුට මොහොතකට මුළු ලෝකයම අහිමි වුණොත්? 🤯

​නාසා ආයතනයේ ‘ආටෙමිස්’ (Artemis) මෙහෙයුමේ නිරත ගගනගාමීන් පිරිස අද එවන් අත්දැකීමකට මුහුණ දෙනවා. බ්‍රසීල වේලාවෙන් අද රාත්‍රී 11:47 ට ඔවුන් රැගත් යානය සඳේ අපට නොපෙනෙන පසුපස කලාපයට (Far side of the moon) ඇතුළු වනවාත් සමග පෘථිවිය සහ ඔවුන් අතර සන්නිවේදනය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනු ඇති. 📵

​🚀 මොකක්ද මේ වෙන්නේ?

සඳේ විශාලත්වය නිසා පෘථිවියේ සිට එවන රේඩියෝ සහ ලේසර් සංඥා අවහිර වීම මෙයට හේතුවයි. මිනිත්තු 40ක් යනතුරු ඔවුන්ට කිසිදු පණිවිඩයක් ලැබෙන්නේ නැහැ. ඔවුන් සම්පූර්ණයෙන්ම තනි වෙනවා.

​කෙසේ වෙතත්, නැවත සඳේ ඉදිරිපස කලාපයට පැමිණි විගස සන්නිවේදනය යථා තත්ත්වයට පත්වනු ඇතැයි නාසා ආයතනය විශ්වාසය පළ කරනවා.

​මෙවැනි අභ්‍යවකාශ පුවත් එසැණින් දැනගන්න Lakkiwinews අප සමග රැඳී සිටින්න! 🔭✨

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *