← BACKPolitics

2028 ජනාධිපතිවරණයට තරග කරන බවට කමලා හැරිස්ගෙන් නව ඉඟියක්!

BY Dhanush•PUBLISHED APRIL 12, 2026•1 MIN READ•0 COMMENTS

🔻“මට පුළුවන් වෙයි… මම එ ගැන සිතමින් සිටිනවා” – හැරිස්ගේ ප්‍රකාශය.

ඇමරිකාවේ හිටපු උප ජනාධිපති Kamala Harris 2028 ජනාධිපතිවරණයට නැවතත් තරඟ කිරීමට හැකි බව පවසමින් නව දේශපාලන උණුසුමක් ඇති වී තිබේ. ඇය මෙම අදහස ප්‍රකාශ කළේ National Action Network සංවිධානයේ රැස්වීමකට සහභාගී වූ අවස්ථාවකදීය.

එහිදී, එම සංවිධානයේ නිර්මාතෘ Al Sharpton විසින් ඇයගෙන් සෘජුවම “ඔබ නැවත තරඟ කරනවාද?” යන්න විමසූ විට, “මට හැකි වෙයි… මම එ ගැන සිතමින් ඉන්නවා” යනුවෙන් ඇය පිළිතුරු දුන්නාය. New York City හි පැවති මෙම වැඩසටහනේදී එම ප්‍රකාශයට ජනතාවගෙන් උණුසුම් ප්‍රතිචාරයක් ලැබී ඇත.

හැරිස් තවදුරටත් පැවසුවේ, 2028 වසරේදී ඇමරිකානු ජනතාවට වඩාත් හොඳ සේවාවක් කළ හැකි පුද්ගලයා කවුද යන්න සැලකිල්ලට ගනිමින් තම තීරණය ගන්නා බවයි.

ඇය පසුගිය කාළයේ Joe Biden යටතේ උප ජනාධිපති ලෙස සේවය කළ අතර, 2024 ජනාධිපතිවරණයේදී Donald Trump වෙතින් පරාජයට පත් විය. එම මැතිවරණයේදී ට්‍රම්ප් ජනමත ඡන්දය සහ Electoral College දෙකම ජයගත් බව වාර්තා වේ.

Kamala Harris මීට පෙර කැලිෆෝනියාවේ නීතිපතිවරිය සහ ඇමරිකානු සෙනට් සාමාජිකාවක් ලෙසද සේවය කර ඇත. ඇය 2020 දීද ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා උත්සාහ කළද, එය සාර්ථක නොවීය.

කෙසේ වෙතත්, 2028 සඳහා ඇය නැවත තරඟ කළහොත්, නව නායකත්වයක් අවශ්‍ය බව පෙන්වන මත විමසුම් හේතුවෙන් ඡන්දදායකයින් අතර අභියෝගවලට මුහුණ දීමට සිදුවිය හැකි බව විශ්ලේෂකයින් පවසයි.

මෙම රැස්වීමට Josh Shapiro, Pete Buttigieg සහ JB Pritzker වැනි ඩිමොක්‍රටික් පක්ෂයේ අනාගත අපේක්ෂකයන් ලෙස සැලකෙන නායකයින් ද සහභාගී වී ඇත.

👉 මෙම සිද්ධියෙන් 2028 ජනාධිපතිවරණය සඳහා Democratic පක්ෂයේ තරඟය දැන්ම උණුසුම් වීමට ආරම්භ වී ඇති බව පෙනී යයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *