
නවසීලන්තයේ දකුණු දූපතේ පළමු “crisis recovery café” එක Christchurch නගරයේ Colombo Street හි විවෘත කර තිබේ.
මෙම නව සේවාව මඟින් මානසික පීඩාවට ලක්වන පුද්ගලයින්ට, රෝහලක හදිසි ඒකකයකට යාම වෙනුවට, සන්සුන් සහ හිතවත් පරිසරයක සහය ලබාගැනීමට අවස්ථාවක් ලබාදේ.
🧠 “හදිසි වාට්ටුවකට නොගොස් සාමකාමී ස්ථානයක සුවය”
Matt Doocey පවසන්නේ, මෙම අලුත් කැෆේ එක මඟින් ජනතාවට
👉🏻සායනික නොවන (non-clinical) පරිසරයක
👉🏻සමාන අත්දැකීම් ඇති පුද්ගලයින් සමඟ සිටිමින්
👉🏻සෘජු සහය ලබාගැනීමට හැකි බවයි.
wraparound support නම් මෙම ක්‍රමය මානසික සංකූලතා වලට ඉතා වැදගත් බවත් එය පුද්ගලයන් දිගුකාලීන සහාය වෙත යොමු වීමට සහ ආතතිය අඩු කරගැනීමට උපකාරී වන,” බවත් ඔහු පැවසීය.
🤝 විශේෂම දෙය වන්නේ referral එකක් නැතුවම සේවාව ලබාගත හැක.
මෙම සේවාව භාවිතා කිරීමට:
👉🏻වෛද්‍යවරයෙකුගේ referral අවශ්‍ය නැත
👉🏻සෘජුවම පැමිණ සහය ලබාගත හැක
👉🏻අවශ්‍ය නම්, වෙනත් ප්‍රජා සේවාවලටද සම්බන්ධ කරයි
🏡 පළපුරුද්ද ඇති අයගෙන්ම සහය ලැබීමද විශේෂත්වයක්.
මෙම කැෆේ එක මෙහෙයවන්නේ:
👉🏻Purapura Whetu
👉🏻Odyssey House Trust
👉🏻Stepping Stone Trust යන ආයතන විසිනි.
මෙහි සේවකයින් බොහෝ දෙනාම තමන්ටත් මානසික අභියෝග අත්විඳ තිබූ අය වන අතර, ඒ නිසා “අත්දැකීමෙන් උපදෙස්” ලබාදීමට හැකිවාය ලැබෙයි.
🗣️ “පොතකින් ඉගෙනගන්න බැරි දෙයක්”
මෙම ව්‍යාපෘතියේ කළමනාකරණ නිලධාරිනිය වන Maree Hansen පවසන්නේ,
“ඔබට මෙවැනි සහය පොතකින් ඉගෙනගන්න බැහැ. එය ජීවිත අත්දැකීම් වලින්ම ලැබෙන දෙයක්,” බවයි.
Wellington හි දැනට ක්‍රියාත්මක වන කැෆේ එකකට, මාස තුනක කාලයකදී පුද්ගලයින් 300ක් පමණ පැමිණෙන බව සඳහන් වේ. ඒ අනුව, Christchurch හි නව කැෆේ එකටද වැඩි ඉල්ලුමක් ඇතිවනු ඇතැයි අපේක්ෂා කරයි.
මෙම කැෆේ එක ලබන මාසයේ සිට නිල වශයෙන් සේවාව ලබාදීමට සූදානම් වන අතර, එය සැලසුම් කිරීම සඳහා ප්‍රදේශයේ පුද්ගලයින් 100කට ආසන්න පිරිසකගේ අදහස් ලබාගෙන ඇත.
මෙවැනි නව වැඩසටහන් මඟින්, මානසික සෞඛ්‍ය සහය ලබාගැනීම පහසු කරමින්, ජනතාවට නව විකල්පයක් ලබාදෙන බව විශේෂඥයන් පෙන්වා දෙයි. 💚

0 Comments