
ලොව සුපිරි මෝටර් රථ නිෂ්පාදනයේ දැවැන්තයෙකු වන ජර්ම්නියේ BMW සමාගම, සිය මීළඟ පරම්පරාවේ මෝටර් රථ හඳුන්වා දෙන “Neue Klasse” සැලසුම් හරහා මෝටර් රථ ක්ෂේත්රයේ නව පෙරළියක් සිදු කර ඇත. 2026 වසරේ සිට වෙළඳපොළට පැමිණීමට නියමිත නවතම 7 Series සහ iX3 වැනි විද්‍යුත් රථ හරහා මෙම කැපී පෙනන වෙනස්කම් ගෙන එන බවයි ඔවුන් පවසන්නේ.
සරල බව සහ මනරම් බව (Minimalism)
පැරණි BMW රථවල දැකිය හැකි වූ සංකීර්ණ රේඛා සහ හැඩතල වෙනුවට, නව සැලසුම් මගින් ඉතා සරල සහ පිරිසිදු (Clean surfaces) පෙනුමක් ලබා දී ඇත. BMW සමාගමේ ප්‍රධාන සැලසුම් ශිල්පී ඇඩ්රියන් වෑන් පවසන්නේ මෙය 1960 දශකයේ පැවති සම්භාව්‍ය BMW පෙනුම සමග අනාගතවාදී තාක්ෂණය මෙහිදී මනාව මුසු කර සාදන ලද්දක් බවයි.
වකුගඩු හැඩැති ග්‍රිල් (Kidney Grille)
BMW රථවල අනන්‍යතාවය වූ “Kidney Grille” එක මෙවර නව මුහුණුවරකින් හඳුන්වා දී ඇත. නව 7 Series මාදිලියේ මෙය වඩාත් පළල් සහ ආලෝකමත් (Illuminated) වන සේ නිමවා ඇති අතර, එය මෝටර් රථයට ප්රතාපවත් පෙනුමක් එක් කරයි. මීට අමතරව, ස්වාරොව්ස්කි (Swarovski) පළිඟු භාවිතයෙන් නිමවූ නව ඉදිරිපස ලාම්පු පද්ධතිය රාත්‍රී කාලයේදී මෝටර් රථයට ලබා දෙන්නේ ඉතා සුඛෝපභෝගී පෙනුමකි.
අභ්‍යන්තර නිමාවේ පෙරළිය: Panoramic iDrive
මෝටර් රථයේ අභ්‍යන්තර පෙනුම (Interior) සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇත්තේ සාම්ප්‍රදායික ඩෑෂ්බෝඩ් තිර වෙනුවට, ඉදිරිපස වීදුරුව පුරා විහිදෙන “Panoramic iDrive” පද්ධතිය හඳුන්වා දෙමිනි. මින් රියදුරුට අවශ්‍ය තොරතුරු සෘජුවම ඉදිරිපස වීදුරුව මත (Head-up display) දිස්වන අතර, භෞතික බොත්තම් වෙනුවට ස්පර්ශ සංවේදී (Haptic touch) පද්ධති වැඩි වශයෙන් භාවිත කර ඇත.
පාරිසරික හිතකාමී බව
නව සැලසුම්කරණයේදී තිරසාර බවට ප්‍රමුඛතාවය දී ඇත. මෝටර් රථ නිෂ්පාදනය සඳහා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය වැඩි වශයෙන් භාවිත කර ඇති අතර, සම් (Leather) භාවිතය අවම කර ඒ වෙනුවට උසස් තත්ත්වයේ නවීන රෙදි වර්ග සහ ප්ලාස්ටික් වර්ග අභ්‍යන්තර අලංකරණය සඳහා යොදාගෙන ඇත.
මෙම නව සැලසුම් වෙනසත් සමඟ BMW සමාගම බලාපොරොත්තු වන්නේ විද්‍යුත් මෝටර් රථ (EV) ලෝකයේ නව ප්‍රමිතියක් බිහි කිරීමටයි. රිය පැදවීමේ සතුට (Sheer Driving Pleasure) උපරිම කරමින් තාක්ෂණය සහ කලාව මුසු වූ මෙම නව BMW රථ මාලාව මෝටර් රථ ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්වනු නොඅනුමානය.

0 Comments