← BACKCrime

ඩිජිටල් ඇබැද්දි නිසා ඉන්දියාවටත් ඩොලර් බිලියන 2.5 ක් පාඩු වෙලා!

BY DhanushPUBLISHED MAY 1, 20261 MIN READ0 COMMENTS

පසුගිය වසරේ වාර්තා වූ දැවැන්ත සයිබර් අපරාධ රැල්ලත් සමඟ ඉන්දියානු මහ බැංකුව (RBI) ඩිජිටල් මූල්‍ය පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නව තාක්ෂණික මෙහෙයුමක් ආරම්භ කර ඇත. නවතම දත්ත වලට අනුව, 2025 වසරේදී පමණක් ඉන්දියානු පුරවැසියන් ඩිජිටල් වංචා හේතුවෙන් අහිමි කරගෙන ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක් (ඉන්දියානු රුපියල් කෝටි 21,000කට) අධික වේ.

2025 වසරේදී මෙම වංචා ඉහළ යාමට ප්‍රධානතම හේතුව වූයේ ඉතා සංකීර්ණ ලෙස මෙහෙයවන ලද Mule accounts ජාලයන් සහ පුද්ගලයන් නොමඟ යවන “Social Engineering” උපක්‍රමයන් ය.

🔴සිදුවූ මුළු පාඩුව: 2025 වසරේදී පමණක් ඩොලර් බිලියන 2.5ක් පමණ.

🔴ප්‍රධාන ඉලක්ක වූයේ: පුද්ගලික බැංකු පාරිභෝගිකයන්ගේ කාඩ්පත් සහ අන්තර්ජාල බැංකු පහසුකම්.

🔴”මියුල් ගිණුම්” ගැටලුව: සොරාගත් මුදල් පොලිසියට හසු නොවී මාරු කිරීම සඳහා තාවකාලික නැවතුම්පොළවල් ලෙස දහස් ගණනක් බැංකු ගිණුම් භාවිතා කිරීම.

🔐මේ සදහා වහාම ක්‍රියාත්මක වූ මහ බැංකුව (RBI) ආරක්ෂක උපායමාර්ගයන් කිහිපයක් ගෙන තිබේ.

මෙම තත්ත්වයට පිළියම් ලෙස ඉන්දියානු මහ බැංකුව සාමාන්‍ය උපදෙස් නිකුත් කිරීමට එහා ගිය තාක්ෂණික ආරක්ෂක පද්ධති කිහිපයක් හඳුන්වා දී ඇත.

👉🏻IDPIC: තථ්‍ය කාලීන බුද්ධි තොරතුරු මධ්‍යස්ථානය
2025 ඔක්තෝම්බර් මාසයේදී Indian Digital Payment Intelligence Corporation (IDPIC) ආරම්භ කරන ලදී. මෙය මුළු රටේම සිදුවන ඩිජිටල් ගනුදෙනු දත්ත විශ්ලේෂණය (Big Data) සහ කෘත්‍රිම බුද්ධිය (AI) මගින් නිරීක්ෂණය කරමින් සැකකටයුතු ගනුදෙනු ක්ෂණිකව හඳුනා ගනී.

👉🏻”MuleHunter.AI” පද්ධතිය
සොරාගත් මුදල් බැංකු පද්ධතියෙන් පිටතට යාම වැළැක්වීම සඳහා MuleHunter.AI නමින් කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් හඳුන්වා දී ඇත. මෙහි විශේෂත්වය වන්නේ වංචාකරුවන් මුදල් සැඟවීමට භාවිතා කරන සැකකටයුතු ගිණුම් රටාවන් හඳුනාගෙන ඒවා වහාම අත්හිටුවීමට බැංකු වලට සහාය වීමයි.

👉🏻නව වන්දි සහ වගකීම් නීති
පාරිභෝගිකයන්ට සහනයක් වෙමින් 2026 දී සංශෝධිත නව නීති මාලාවක් ක්‍රියාත්මක වේ:

  • සුළු වටිනාකම් ආරක්ෂාව: රුපියල් 50,000 දක්වා වන වංචා සඳහා විශේෂ වන්දි ක්‍රමවේදයක් යෝජනා කර ඇත.
  • අනිවාර්ය ද්විත්ව සත්‍යාපනය (2FA): ගිණුමට ඇතුළු වීමට අමතර ආරක්ෂක පියවරක් අනිවාර්ය කර ඇත.
  • ශුන්‍ය වගකීම: බැංකුවේ හෝ තෙවන පාර්ශවයක වරදකින් සිදුවන වංචාවක් දින 3ක් ඇතුළත වාර්තා කළහොත් එහි සම්පූර්ණ වගකීම බැංකුව විසින් දැරිය යුතුය.

“ඩිජිටල් ආර්ථිකයක පදනම වන්නේ මහජනතාවගේ විශ්වාසයයි. වංචාවක් සිදු වූ පසු ක්‍රියාත්මක වීමට වඩා, වංචාව සිදුවීමට පෙර එය වළක්වන තාක්ෂණයක් කරා අප ගමන් කරමින් සිටිනවා,” යැයි මහ බැංකුවේ ප්‍රධාන නිලධාරියෙක් මාධ්‍යට ප්‍රකාශ කළේය.

මහ බැංකුව විසින් මෙම ආරක්ෂක පියවර ක්‍රියාත්මක කළද, මහජනතාව නිරන්තර අවධානයෙන් සිටිය යුතු බවට වැඩිදුරටත් අවධාරණය කෙරේ. කිසියම් වංචාවක් නව තාක්ෂණික මෙවලම් සමඟින් සයිබර් අපරාධකරුවන්ගේ ජාලය බිඳ දැමීමට ඉන්දීය රජය දැන් පෙරටත් වඩා සන්නද්ධව සිටී.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *