← BACKCrime

නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලක්සන්ගේ කාර්යාලයට ගිනි තබයි!

BY DhanushPUBLISHED JUNE 4, 20261 MIN READ0 COMMENTS

නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලක්සන් මහතාගේ Auckland නුවර පිහිටි ඡන්ද කොට්ඨාස කාර්යාලයට හිතාමතාම ගිනි තැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් 24 හැවිරිදි තරුණයෙකුට පොලිසිය විසින් බරපතළ නීතිමය චෝදනා එල්ල කර තිබෙනවා.

Botany ප්‍රදේශයේ මිල්හවුස් ඩ්‍රයිව් හි පිහිටි මෙම කාර්යාල ගොඩනැගිල්ලෙන් බදාදා උදෑසන විශාල විශාල ශබ්දයක් සහිත පිපිරීමක් ඇසුණු බවත්, ඉන් පසු ගින්නක් හටගත් බවත් අසල සිටි අයෙකු විසින් හදිසි ඇමතුම් අංශ වෙත දැනුම් දී තිබුණි. වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සහ සහන සේවා කණ්ඩායම් ප්‍රදේශය වටකර විශේෂ ආරක්ෂක විධිවිධාන යෙදවීමට පියවර ගෙන ඇත.

පොලිස් පරීක්ෂක Karen Bright මාධ්‍ය වෙත තහවුරු කළේ, සිද්ධිය සම්බන්ධයෙන් ඉතා කෙටි කලක් ඇතුළත 24 හැවිරිදි සැකකරුවෙකු හඳුනාගෙන අත්අඩංගුවට ගත් බවයි. ඔහුට එරෙහිව “හිතාමතා දේපළ ගිනි තැබීම” යටතේ නඩු පවරා ඇති අතර, මෙම ප්‍රහාරය පිටුපස වෙනත් කිසිවෙකු නොමැති බවත් ඔහු තනිවම මෙය සැලසුම් කර ඇති බවත් පොලිසිය විශ්වාස කරනවා.

වාසනාවකට මෙන්, ගින්න හටගන්නා අවස්ථාවේදී කාර්යාලයේ සිටි සේවකයින් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති බව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශකයෙකු තහවුරු කර තිබේ. සැකකාර තරුණයා Manukau මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *