Online Now From NZ Weekly Sinhala News at Your Finger Tips
Listen to weekly radio news updates from New Zealand, in Sinhala — anytime, anywhere.
Listen Latest Episode
ලෝකය මිනිස් සිතුවිලි වලින් එහාට ගමන් කරවන්නේ මිනිසුන්ගේ පරිකල්පනා හේතුවෙනි. අලුත් අදහස් හැමවිටම අලුත් ලෝකයක් නිර්මාණය කරයි. සියවස් ගණන් දුර ඈත මතක වල සිට වර්තමානය දක්වා ඇවිද එමින් ඔබට ඇසෙන ලක් කිවි රේඩියෝව... නවසීලන්තයට පැමිණෙන්න බලාපොරොත්තුවෙන් සිටිනා අයට වටිනා උපදෙස් රැගෙන ළහිරු කූරගම මහතා සමග කරන කතා බහ, කවියට නවතාවයක් රැගෙන ආ ජී.බී. සේනානායක පිළිබදව ගුන කථන මතකයක් සමග සුපුරුදු විශේෂාංග පිරිවරා මේ සතියේත්...
The world moves beyond human imagination through the power of creativity. New ideas have the power to create new worlds. Tune in to Lakkiwi Radio, taking you on a journey from memories of centuries past to the world of today. This week, join us for an insightful conversation with Mr. Lahiru Kuragama, sharing valuable advice […]
675 plays
ගලා එන සිතුවිලි අතරින් නව රටාවන් සොයා යන්න, කවි කතා, ගී කතා, රස කතා අතරින් ගැලපෙන නොගැලපෙන ආදර කතා, මහාචාර්ය සනත් නන්දසිරි තම දුවණිය සමග ගැයූ එකම ගීය ලියූ ප්‍රියානන්ද විජේසුන්දර ඒ ගැන කියන කතා, පොත පත ගැන ජීවිතය ගැන හිතට දැනෙන කතා සමග, රංගන ශිල්පිණී හංසමාලා ජානකී සමග කතා බහක්. මෙවර ලක් කිවි රේඩියෝවෙන්.
1.1K plays
නවසීලන්තයට නවමු අත්දැකීමක් එක් කරමින්, නවසීලන්ත ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ Lak Kiwi මාධ්‍ය ජාලය විවිධ සංවිධාන සමග එක්ව ගෙනෙන තානාපති ජංගම සේවය පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු සහ තවත් රස සාර රේඩියෝමය විශේෂාංග එක්ව අද ලක්කිවි රේඩියෝව.
1.7K plays
නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සේවාවන් පහසු කරමින්, ශ්‍රී ලාංකික - නවසීලන්ත රාජ්‍යය තාන්ත්‍රික සබදතා මෙන්ම සුහදතාවය වර්ධනය කරනට ඉමහත් සේවාවක් කරන නවසීලන්තයේ ශ්‍රී ලංකා මහාකොමසාරිස් අතිගරු ප්‍රසන්න ගමගේ මහතා සමග ලක්කිවි Radio පැවැත්වූ විෂේශ සාකච්ඡාව.
1.6K plays
සතුට අරමුණු කරගෙන ලුහු බැඳ යන ජීවිත කතාවේ මොහොතට නතර වී, සතුටට හේතු හොයන්න ඔබට දිරිය දෙන ලක් කිවි රේඩියෝවේ මේ සතියේ චාරිකාව. දේශීය නාට්‍යය වංශ කතාවේ අසම සම පරිච්ඡේදයක අග්‍රගණ්‍ය නාමය වූ සරත්චන්ද්‍ර නාට්‍යය කලාව ඉදිරියට රැගෙන යන යශෝදරා සරත්චන්ද්‍ර සමග කතා බහක්. එමෙන්ම රංග අභ්‍යාසයක් වූ මනෝරත්න ගුරු තරුවේ මතක සමග භානුක මනෝරත්න සමග පිය සටහන් දිගේ චාරිකාවක්. රස සාර මාතෘකා ඔස්සේ ගලායන සොඳුරු ගී මතක සමග හැඬවුන මෙවර ලක් කිවි රේඩියෝව අහන්න.
2.6K plays

ශ්‍රී ලාංකේය රංග කලා සම්ප්රදාය තුළ තම අනන්‍යාවය අග්‍රගණ්‍ය ලෙස සටහන් කරමින්, වේදිකාව තුළින් උපන් අසහාය රංගවේදියා ජය ශ්‍රී චන්ද්‍රජිත් සමග නාට්‍යයකරුවා සහ අනාගතය පිළිබදව කතාබහකට ඕක්ලන්ඩ් නුවරදී සම්මුඛ වූ මොහොත සහ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සාහිත්‍යයයේ පෙරලිකාරකම් කරන සාහිත්යයවේදී ජගත් ජේ. එදිරිසිංහ සමග සුන්දර කතාබහක් ද සමග රස සාර තොරතුරු රැගෙන මේ ඉරිදා ලක් කිවි රේඩියෝව.
3.5K plays
නවසීලන්තයේ ජීවත් වන සැමට මවුරි ජාතිකයන් ආගන්තුකයන් නොවේ. ඔවුන්ගේ බොහෝ ගති සෝබාවන් ආසියාතික මුල් වැසියන්ට සමාන කම් දක්වයි. විශ්වාස, පුදසිරිත්, භාෂා ලක්ෂණ ඇතුලු බොහෝ දේ ගැන දැන ගැනීම බහු සංස්කෘතික ජීවිත ගෙවෙන හැමදෙනාටම ඉතා වැදගත් වෙයි. ඒ පිළිබදව නවසීලන්තයට පැමින පර්යේෂණ පවත්වන කොළඹ විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය, අචින්ත්‍ය බණ්ඩාර සමග කතාබහක් සමග තවත් රසසාර තොරතුරු පිරුණ මෙවර ලක්කිවි රේඩියෝව.
3.8K plays
අලු පාට හැන්දෑව, පෙම් කවක් වැනි ගී ලියූ, ගුවන්විදුලියේ ළමා පිටියේ ලැබූ අත්දැකීම් සමග රූපවාහිනී මුල් යුගයේ සිට වර්ණවත් මතක ප්‍රේක්ෂකයාට තිළිණ කළ සුරම්‍යා මාපිටිය සමග කතා බහක්... ප්‍රියානන්ද විජේසුන්දරයන් ලියූ ගී පදමතක සහ තවත් රසසාර කතා බහ රැගෙන අදත් ලක්කිවි රේඩියෝව.
4.6K plays

ගුවන් විදුලි ගීතය සහ හින්දි ගීතයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආධිපත්‍යය පිළිබදව ජේෂ්ඨ මාධ්‍යවේදී ස්වර්ණ ගුණවර්ධන සමග රසසාර අතීත කතාබහක්, දෑස මෙන්ම හිත පිනවන සංචාරකයන්ට වචන දිගේ ඇවිද යන්න කුමාරි ගුණරත්න ගෙනෙන අලංකාර චාරිකාව, රන්මුතු දූවේ චිත්‍රපට කතා, පොතකින් පිටුවක් ඇතුලු තවත් විශේෂාංග රැසක් සමග මේ සතියේ ලක් කිවි රේඩියෝව.
2.6K plays
සුභාවිත කවි ගී ලකුණු සොයා යමින් සාහිත්‍යය කලාවට පුරෝගාමී මෙහෙවරක් කරන රවී සිරිවර්ධනගේ අලුත් නිර්මාණ එකතුව, ප්‍රේමයේ මුණිවරිය ගැන ප්‍රේමණීය කතා බහක්, නවසීලන්තයේ ජීවිතයට හුරුවන ජනප්‍රිය රංගන ශිල්පිනිය දිලිනි ලක්මාලි තිරිමාන්න, නවසීලන්තය සහ කලා ජීවිතය ගැන කතා කරයි, හෙළබස් උදානය ගෙන එන NZSPAC වෙනුවෙන් රනුක පෙරේරාගෙන් ඇරයුමක්... සියලු කතා සමග රසසාර රේඩියෝ කතා සමග මෙවර ලක්කිවි රේඩියෝව...
4.3K plays
මේ ඇයට නවසීලන්තයේ වෙසෙන සමස්ථ ශ්‍රී ලාංකිකයන්ගේ අවසන් ගෞරවය.🙏 දශක හතකදී කියවා හමාර කළ නොහැකි වූ ඇය ,පැයක රේඩියෝ වැඩසටහනකින් කෙසේ නම් වචන කරන්නද... නමුත් , ඈ පිලිබදව. අසමාන ගෞරවය ලෝකයේ ඈත කෙනක සිට හෝ වචන දිගේ එක්කර, මොහොතකට සැනසෙමි. ඔබ සියලු සාංසාරික පැතුම් ඉටුවේවා.🙏 රටම නිහඬ කර ජන්ම දින සැමරුමට ඉඩ නොතබාම නික්ම ගිය ශ්‍රී ලාංකේය යශෝරාවය... නන්දා මාලනිය මතක කියවුම. අද ලක්කිවි රේඩියෝවෙන්...
3.3K plays
සමහර මත්වීම් ඇතුළේ අපට ජීවිතය මුණගැහිලා තියෙනවා... ✨🎧💙 හැම කතාවක්ම පිටුපස ලස්සන මතකයන්, අභියෝග සහ ජයග්‍රහණ ගොඩක් තියෙනවා. ජීවිතය කියන්නේ ඒ හැමදේම අත්විඳින අපූරු ගමනක්! 🌟 🎶 සංගීතය, කලාව, සාහිත්‍යය සහ අපේම ජීවිතයේ කතාබහ සමඟින් එකතු වන්න ලක්කිවි රේඩියෝ (Lakkiwi Radio) සමඟින්!
3.2K plays



No episodes match that month/year.
Subscribe to receive the latest Lakkiwi Radio episodes and Sri Lankan community news from New Zealand every week.
No spam. Unsubscribe anytime.