
වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට නවසීලන්තය සූදානම් වෙද්දී, මුළු කලාපයේම අවධානය යොමුව ඇත්තේ ඔස්ට්‍රේලියාව දෙසටයි. TikTok, Instagram, Snapchat සහ YouTube වැනි ප්‍රධාන සමාජ මාධ්‍ය වේදිකාවලින් ළමයින් ආරක්ෂා කර ගැනීමට ඔස්ට්‍රේලියාව ලොව ප්‍රථම වරට මෙම නීතිය හඳුන්වා දුන් අතර, දැන් හැමෝටම තිබෙන ප්‍රශ්නයක් තිබේ.
“ඔස්ට්‍රේලියාවේ මෙම තහනම ඇත්තටම සාර්ථකද?”
මුල්ම දත්ත සහ පර්යේෂණ අනුව පෙනී යන්නේ මෙහි කෙටි පිළිතුර “නැත” යන්නයි.
🔴 නීතිය අසාර්ථක වන්නේ ඇයි?
ඔස්ට්‍රේලියාවේ මෘදුකාංග පරීක්ෂණ ආයතනයක් (KJR) කළ පර්යේෂණයකින් හෙළි වූයේ වයස අවුරුදු 16 ලෙස ව්‍යාජව සකස් කළ ගිණුම් 50කින් එකකටවත් වයස තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් සමාජ මාධ්‍ය සමාගම් ඉල්ලා නැති බවයි. තාක්ෂණය ගැන හොදහැටි දන්නා නව යොවුන් වියේ පසුවන්නන්ට VPN (Virtual Private Network) එකක් භාවිතා කිරීමෙන් හෝ උපන් දිනය වෙනස් කිරීමෙන් මෙම තහනම ඉතා පහසුවෙන් මඟහැර යා හැකිය. The BMJ වෛද්‍ය සඟරාවට අනුව, තහනමෙන් පසුවත් ළමයින්ගෙන් 85%කට වඩා වැඩි පිරිසක් හොර රහසේම සමාජ මාධ්‍ය භාවිතා කරන බව පිළිගෙන ඇත.
මේ හේතුවෙන් කෝපයට පත් ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස්, නීතිය ක්‍රියාත්මක නොකරන සමාජ මාධ්‍ය සමාගම්වලට පනවන උපරිම දඩය ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 99ක් දක්වා දෙගුණ කිරීමට පියවර ගෙන තිබේ.
🔴 නවසීලන්තයට ඇති අභියෝගය.
ඔස්ට්‍රේලියාවේ මෙම අත්දැකීම නවසීලන්තයට විශාල පාඩමකි. ළමයින්ගේ වයස සැබෑ ලෙසම පරීක්ෂා කිරීමට නම්, පරිශීලකයින්ගේ හැඳුනුම්පත් ස්කෑන් කිරීමට හෝ මුහුණේ ලක්ෂණ (Biometrics) පරීක්ෂා කිරීමට සමාගම්වලට සිදුවේ. මෙය පුද්ගලිකත්වයට (Privacy වලට) එල්ල වන බරපතල තර්ජනයකි. එමෙන්ම, ළමයින් කොටු කිරීමට ගොස් මුළු රටේම VPN තාක්ෂණය තහනම් කිරීමට තමන්ට අදහසක් නැති බව නවසීලන්ත රජයට ප්‍රකාශ කිරීමට පවා සිදු විය.
අන්තර්ජාලයට සීමා මායිම් පැනවීම සිතන තරම් ලෙහෙසි නැත. නවසීලන්තය ද මෙම නීතිය ගෙන ආවොත්, එය තාක්ෂණය දන්නා ළමයින්ට තවත් එක් සෙල්ලමක් පමණක් වනු ඇත.
මේ ගැන බුද්ධිමත් දෙමාපියන්ගේ අදහස කුමක්ද? 🇳🇿💭

0 Comments