
ළමුන් අතර ශීඝ්‍රයෙන් වර්ධනය වන මානසික ආතතිය සහ සෝෂල් මීඩියා ඇබ්බැහිය පාලනය කිරීම සඳහා නවසීලන්තයේ ACT පක්ෂ නායක David Seymour අපූරු යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඔහු පවසන්නේ රජය විසින් සමාජ මාධ්‍ය තහනම් කිරීමට උත්සාහ කරනවා වෙනුවට, වයස අවුරුදු 16ට අඩු දරුවන්ට Smartphones භාවිතය සහ විකිණීම සහමුලින්ම තහනම් කළ යුතු බවයි.
🔴 මෘදුකාංග නෙමෙයි, දෘඩාංග පාලනය කරමු!
ඕස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍යය වැනි රටවල් ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට උත්සාහ කළද එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම අතිශය දුෂ්කර බව සේමූර් පෙන්වා දෙයි.
“ඇයි අපි මෘදුකාංග පාලනය කරන්න දඟලන්නේ? අපිට පුළුවන් කෙලින්ම දෘඩාංග පාලනය කරන්න.”
ඔහු පවසන්නේ සිගරට් සහ මත්පැන් මෙන්ම ස්මාර්ට්ෆෝන් ද ස්පර්ශ කළ හැකි භෞතික භාණ්ඩයක් බැවින් එය ළමුන්ට විකිණීම හෝ සැපයීම නීතියෙන් තහනම් කිරීම පහසු බවයි.
🔴 විසඳුම ‘Dumb Phones’ ද?
ස්මාර්ට්ෆෝන් වෙනුවට, ළමුන්ට හදිසි අවස්ථාවකදී ඇමතුම් ලබාගත හැකි, සෝෂල් මීඩියා ඇප්ස් ක්‍රියාත්මක කළ නොහැකි සාමාන්‍ය බොත්තම් සහිත ජංගම දුරකථන (‘Dumb Phones’) භාවිතයට හුරු කළ යුතු බව ඔහුගේ අදහසයි. “අධ්‍යාපනය සඳහා පරිගණක (Laptops) භාවිත කරන්න දෙන්න, නමුත් නිරන්තරයෙන් අවධානය උදුරාගන්නා දරුණුතම උපකරණය දවස පුරා ළමුන්ගේ සාක්කුවේ තබා ගැනීමට ඉඩ නොදෙන්න,” ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙය තවමත් නිල ප්‍රතිපත්තියක් ලෙස ප්‍රකාශයට පත් කර නොමැති වුවද, නවසීලන්ත සමාජය තුළ මේ වන විටත් ඒ පිළිබඳව දැඩි සංවාදයක් නිර්මාණය වී ඇත.

0 Comments