← BACKCrime

ඩොක්ටර් කෙනෙක් වෙන්න ගිය කැන්ටබරි කාන්තාව සතුන්ට කළ වධහිංසාවල කෙළවර!

BY DhanushPUBLISHED JULY 15, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ කැන්ටබරි ප්‍රදේශයෙන් අසන්නට ලැබෙන මෙම පුවත මුළු රටේම සතුන්ට දායානුකම්පාව දක්වන මිනිසුන්ගේ දැඩි පිළිකුලට හා කණගාටුවට හේතු වී තිබේ. තුවාල ලැබූ සතුන්ට නිසි පශු වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදීම නීතියෙන් දැඩි ලෙස දඬුවම් ලැබිය හැකි වරදක් බව මෙම සිදුවීමෙන් නැවත වරක් තහවුරු වේ.

🔴 නිර්වින්දනයක් නැතිව කළ ම්ලේච්ඡ ‘DIY’ සැත්කම.
තම ගොවිපළේ සිටි බැටළු පැටවෙකුගේ බෙල්ල කැපී දරුණු තුවාලයක් සිදුවූ අවස්ථාවේදී, මෙම කාන්තාව වෛද්‍යවරයෙකු වෙත යාම වෙනුවට නිවසේ තිබූ සාමාන්‍ය ස්ටේප්ලර් එකක් ගෙන එහි කටු 27ක් ගසා තුවාලය එකතු කිරීමට උත්සාහ කර ඇත. කිසිදු වේදනා නාශකයක් නොමැතිව සිදු කළ මෙම ක්‍රියාව නිසා සත්වයා දැඩි ලෙස වේදනා විඳ ඇති අතර තුවාලය උඩුදුවා තිබේ. අවසානයේ සත්ව සුභසාධක නිලධාරීන්ට හමුවන විට සත්වයා බේරාගත නොහැකි තත්ත්වයක පසුවූ බැවින් මරණීය වේදනාවෙන් මිදීම සඳහා Euthanasia ලබා දීමට සිදු විය.

🔴 සුනඛයන්ටත් නොසලකා හැරීම්.
ඇගේ නිවසේ සිටි ජර්මන් ෂෙපර්ඩ් ඇතුළු සුනඛයන් දෙදෙනෙකුද අස්ථි මතුවන තෙක් කෙට්ටු වී, දරුණු චර්ම රෝගවලින් පීඩා විඳිමින් සිටියදී ඇය උන්ටද ප්‍රතිකාර ලබා දී නොතිබුණි.

මෙම සාපරාධී නොසලකා හැරීම් හේතුවෙන් සත්ව සුභසාධන පනත යටතේ වරදකාරිය වූ ඇයට:

👉 සදහටම සතුන් ඇති කිරීම තහනම් කෙරුණි.
👉 ප්‍රජා සේවය සහ SPCA ආයතනයට නඩු ගාස්තු ගෙවීමට නියම විය.

මෙවැනි කුරිරු හිත් ඇති තිරිසනුන් කුමට මිනිසුන් වී ඉපදුනාද? 😢

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *