
ඉන්දියාව සහ පකිස්ථානය කොළඹදී මුහුණට මුහුණ! ![]()
![]()
![]()
ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි උනන්දුවට ලක්ව තිබූ පෙබරවාරි 15 වැනිදා පැවැත්වීමට නියමිත “ඉන්දු – පකිස්ථාන” මහා සංග්‍රාමය සඳහා පකිස්ථාන රජයේ නිල එකඟතාවය හිමිව තිබේ! ![]()
![]()
මෙම තීරණාත්මක එකඟතාවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැදිහත් වී තිබීම විශේෂත්වයකි. ![]()
![]()
![]()
සිදුවූයේ කුමක්ද? ![]()
පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවති විශේෂ දුරකථන සංවාදයකදී, ශ්‍රී ලංකාවේ ආරාධනය සහ දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සලකා බලා මෙම තීරණය ගෙන ඇත.
මතකයේ රැඳුණු කරුණු කිහිපයක්.
1996 ලෝක කුසලාන සමයේදීත් පකිස්ථානය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය මෙහිදී සිහිපත් කෙරිණි.
තරඟය පැවැත්වෙන්නේ පෙබරවාරි 15 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීය.
සම-සත්කාරක රටක් ලෙස ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සහ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියට මෙය මහත් රුකුලක් වනු ඇත.
තවද පසුගියදා පකිස්ථානයට ත්‍රස්ත අවදානම පවතිද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානයේදී ම තරඟාවලියට සහභාගී වීම.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පකිස්ථානයේදීම බෝම්බ ප්‍රහාරයක් එල්ල වුවත් එම බය නැති කරමින්ද නැවත පකිස්ථානයට ගිය මුල්ම කණ්ඩායම ලෙසද ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානයට යෑම පකිස්ථානය වෙනුවෙන් ශ්‍රී ලංකාව අවධානම් දරා සිටි අවස්ථාය.
මෙම මහා තරඟයෙන් කවුරු ජය ගනීවිද? ඔබේ අදහස පහතින් Comment කරන්න! ![]()
![]()

0 Comments