
🇱🇰Sri Lanka Sports Club (SLSC) විසින් ආරම්භ කරන Lions Premier League (LPL) 2026 නමින් නව franchise T20 ක්‍රිකට් තරඟාවලියක් 2026 දී ක්‍රිකට් ලෝලින්ට හඳුන්වා දෙනවා.
🎯මෙය එසේ මෙසේ තරඟාවලියක් නොවෙයි,
👉🏻දේශීය දක්ෂතාවයට තැනක් හදල දෙන.
👉🏻ව්‍යාපාරික ප්රවර්ධනයක් ඇති කරන.
👉🏻ශ්‍රී ලංකා ප්‍රජාව තවතවත් එකමුතු කරවන
නව ආරම්භයක්.
❓ Lions Premier League කියන්නේ මොකක්ද?
👉🏻LPL යනු කණ්ඩායම් 6ක් සහභාගී වන franchise based T20 ක්‍රිකට් ලීගයක්.
👉🏻සෑම කණ්ඩායමකටම තනි පුද්ගලයෙකු හෝ ව්‍යාපාරයකට අනුග්‍රහය දක්වන්න පුළුවන්.
👉🏻අනුග්‍රාහකයින්, ක්‍රීඩකයින් සහ සහභාගීවන සියල්ලන්ටම දැඩි තරගකාරී අත්දැකීමක් ලබාදෙන සුවිශේෂී තරගාවලියක්.
📍සෑම තරගයකටම SLSC නොවන ක්‍රීඩකයන් දෙදෙනෙකු දක්වා ඇතුළත් කිරීමට අවස්ථාවක් හිමිවෙනවා.
❓ කණ්ඩායම් අයිතිය ලබාගන්නේ කොහොමද?
👉🏻කණ්ඩායම් අයිතිය තනි පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට විවෘතයි.
👉🏻කණ්ඩායම් සකස් වන්නේ සජීවී ක්‍රීඩක වෙන්දේසියක් හරහායි.
💁🏻♂️වෙන්දේසියේ විස්තර මොනවාද?
💼කණ්ඩායම් හිමිකාරිත්වය ලබාගැනීමට : $500
💰Auction credits : $250 ක් හිමිවේ. (මෙය ඉහත සදහන් $500ට ඇතුළත් වේ. ක්‍රීඩකයන් මිළදී ගැනීමට උපරිම $350ක් පමණක් වැය කළ හැකිය. ( Auction credit + additional $100)
📢 ලීග මාධ්‍ය හරහා සන්නාම ප්‍රචාරණයක් සිදුකරනු ලබනවා.
👤 සෑම කණ්ඩායමකටම LPL කමිටුව විසින් පත් කරන නායකයෙකු හිමිවෙනවා. (කණ්ඩායම් නායකයා සහ අයිතිකරු එක්ව ක්‍රීඩකයන් තේරීම සිදුකළ හැකියි)
❓ Launch & Auction Night කවදාද?
LPL Launch & Auction Night දින, තරග වදින කණ්ඩායම් නිල වශයෙන් ප්‍රකාශකරනවා.
📅 දිනය: 2026 මාර්තු 6
⏰ වේලාව: සවස 6.30 සිට
📍 ස්ථානය: The Collective Hub, Johnsonville
⚠️ අයිතිකරුවන් හෝ නියෝජිතයන්ගේ පැමිණීම අනිවාර්යයි.
❓ජයග්රාහයින්ට ත්‍යාග ලැබෙනවාද?
අනිවාර්යයෙන්ම ඔව්, LPL කියන්නෙ ගෞරවය විතරක්ම නෙමෙයි, ඔබට සැබෑ මුදල් ත්‍යාගද ලබාදෙන තරඟාවලියක්.
🤩ලැබෙන ත්‍යාග ගැන දැනගන්න කැමතිද?
🥇 ශූරයෝ: $1,500
🥈 අනුශූරයෝ: $1,000
තනි පුද්ගලයන් සදහා පිරිනමන ත්‍යාග
⭐ තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා : $200
🏏 හොඳම පිතිකරු: $150
🎯 හොඳම පන්දු යවන්නා: $150
❓මෙම ලීගය ඇත්තෙන්ම විශේෂ වන්නේ ඇයි?
LPL 2026 යනු SLSC ට වගේම පුළුල් ක්‍රිකට් ප්‍රජාවට අති දැවැන්ත සන්ධිස්ථානයක්, මෙමගින් දේශීය ක්‍රීඩාවට සහාය දෙන අතර ප්‍රජා සම්බන්ධතාද ශක්තිමත් කරනවා.ව්‍යාපාරිකයන්ටද වැදගත් අවස්ථා නිර්මාණය කරනවා.
🦁 Lions සූදානම්. ලීගය සූදානම්. ඉතිහාසය වෙනස් කිරීමට, ඔබ සූදානම්ද?

0 Comments