
Auckland , February 15, 2026
නවසීලන්තයේ විශාලතම Pride උත්සවය වන Big Gay Out අද ඕක්ලන්ඩ්හි Coyle Park එකේ උණුසුම් වාතාවරණයක් මැද පැවැත්වුණා.
උත්සවයේ දේශපාලන වේදිකාවට විරෝධතාකරුවන් විසින් බාධා කිරීමත් සමඟ, සංවිධායකයින්ට එය කඩිනමින් අවසන් කිරීමට සිදු වුනා.
වේදිකාවට කඩා වැදීමක්
ජාතික පක්ෂ අමාත්‍ය Matt Doocey කතාව ආරම්භ කිරීමට සූදානම් වන අවස්ථාවේදී, විරෝධතාකරුවෙකු ආරක්ෂක බාධකයෙන් පැන වේදිකාවට ඇතුළු වුනා.
එම අවස්ථාවේදී Carmel Sepuloni, Shanan Halbert, Chlöe Swarbrick ඇතුළු මන්ත්‍රීවරු වේදිකාව අසල සිටි බවට වාර්තා වුනා.
ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු ඔහු වේදිකාවෙන් ඉවත් කළ අතර, තත්ත්වය පාලනය කිරීමට කඩිනම් පියවර ගනු ලැබුවා.
“අපේ හඬ අසන්න” – විරෝධතාකරුවන් කියයි.
විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ, LGBTQ ප්‍රජාවට බලපාන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දේශපාලනඥයන් වගකිව යුතු බවයි.
ඒ අතර puberty blockers පිළිබඳ තහනම් ප්‍රතිපත්ති සහ transgender-inclusive ක්‍රීඩා මාර්ගෝපදේශ ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔවුන් දැඩි අප්‍රසාදය පළ කළහ.
තවත් විරෝධතාකරුවෙකු පැවසුවේ, “Pride වේදිකාව දේශපාලනඥයන්ට නොව, ප්‍රජාවට අයිති විය යුතුය” යනුවෙනි.
සංවිධායකයින්ගේ ප්‍රතිචාරය
උත්සවය සංවිධානය කළ Burnett Foundation හි නියෝජිත Mary Haddock-Staniland ප්‍රකාශ කළේ, දේශපාලන නායකයන් සමඟ සම්බන්ධ වීම ප්‍රායෝගික අවශ්‍යතාවයක් බවයි.
“රජය විසින් HIV වැළැක්වීම සහ ලිංගික සෞඛ්‍ය සේවා සඳහා අරමුදල් සපයයි. එබැවින්, ප්‍රජාව වෙනුවෙන් සේවා ආරක්ෂා කර ගැනීමට දේශපාලන සම්බන්ධතා අත්‍යවශ්‍යය,” ඇය පැවසුවාය.
අගමැතිවරයාටත් විරෝධය.
අගමැති Christopher Luxon මහතාද උත්සවයට පැමිණි අවස්ථාවේ, Gaza යුද්ධය සම්බන්ධයෙන් විරෝධතාකරුවන් විසින් ඔහුට විරෝධය පළ කරන ලදී.
“Genocide හි Pride එකක් නැත” යන පණිවිඩ සහිත පුවරු දරමින් පිරිසක් ඔහු පසුපස ගියහ.
ආරක්ෂක උපදෙස් මත අගමැතිවරයා උත්සවයෙන් ඉවත් විය. පසුව ඔහු පැවසුවේ තමා අනාරක්ෂිත යැයි නොහැඟුණු නමුත්, එය “කනගාටුදායක” සිදුවීමක් බවයි.
Rainbow Action Tāmaki ගේ ප්‍රකාශය
Rainbow Action Tāmaki ප්‍රකාශ කළේ වේදිකාවට ගිය දෙදෙනා තම සංවිධානයේ සාමාජිකයන් නොවන බවයි.
එහෙත්, Pride වේදිකාවේ දේශපාලනඥයන් සිටීම සම්බන්ධයෙන් ප්‍රජාව තුළ ගැඹුරු අසතුටක් පවතින බව ඔවුන් අවධාරණය කළහ.
මින් ඉදිරියට කුමක් වෙයිද?
Big Gay Out සංවිධායකයින් පවසා ඇත්තේ ලබන වසරේ දේශපාලන වේදිකාව යළි පැවැත්වේද යන්න පිළිබඳ තීරණයක් ගැනීමට ඉක්මන් බවයි.
මෙම සිදුවීම LGBTQ ප්‍රජාව තුළ විශාල කතිකාවක් ඇති කර ඇති අතර, Pride උත්සව දේශපාලනයෙන් වෙන් විය යුතුද? නැත්නම් ප්‍රජා අයිතිවාසිකම් සඳහා දේශපාලන සම්බන්ධතා අත්‍යවශ්‍යද? යන ප්රශ්නය දැඩිව මතුව තිබේ.
2000 සිට පැවැත්වෙන Big Gay Out උත්සව ඉතිහාසයේ මෙය තවත් විශේෂ පරිච්ඡේදයක් ලෙස සනිටුහන් වේ.
මේ ගැන ඔබේ මතය කුමක්ද? මෙවැනි උත්සව සදහා දේශපාලන අනුග්‍රහය හිමිවිය යුතුද? ඒ ඇයි?

0 Comments