
නවසීලන්තයේ ඉදිරි මැතිවරණයෙන් පසු මෙරය ඉතිහාසයේ මෙතෙක් නොදුටු ආකාරයේ පක්ෂ හතරක එකමුතුවෙන් සැදුම්ලත් හවුල් ආණ්ඩුවක් පිහිටුවීමට සිදුවනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. 1News Verian හි නවතම ජනමත විචාරණ වාර්තාවලට අනුව, ක්රිස්ටෝෆර් ලක්සන්ගේ (Christopher Luxon) ජාතික පක්ෂය 30% ක ඡන්ද ප්රතිශතයක්ද, ක්රිස් හිප්කින්ස්ගේ (Chris Hipkins) කම්කරු පක්ෂය 29% ක්ද ලබාගනිමින් කරට කර සටනක නිරත වෙයි.
මීට අමතරව හරිත පක්ෂය 16% ක්, ACT පක්ෂය 10% ක්, නිව්සීලන්ඩ් ෆස්ට් පක්ෂය 8% ක් සහ ඔපචූනිටි පක්ෂය 6% ක් වශයෙන් ඡන්ද ලබාගනිමින් ප්රධාන පක්ෂ දෙකටම පැහැදිලි බහුතරයක් ලබාගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය කර ඇත. මෙකී පක්ෂ අනුපාතික (MMP) මැතිවරණ ක්රමය හමුවේ බහුතරය අත්කර ගැනීමට නම්, වාමාංශික හෝ දක්ෂිණාංශික ප්රධාන පක්ෂවලට සුළු පක්ෂ කිහිපයකම සහාය ලබාගනිමින් පක්ෂ හතරකින් සමන්විත සංකීර්ණ හවුල් ආණ්ඩුවක් නිර්මාණය කිරීමට සිදුවන බවත්, එමඟින් ඉදිරි රජයේ තීන්දු තීරණ ගැනීමේදී සුළු පක්ෂවලට දැවැන්ත බලපෑමක් කිරීමට මඟපෑදෙන බවත් විශ්ලේෂකයෝ වැඩිදුරටත් සඳහන් කරති.

0 Comments