
පල්ලේකැලේ ක්‍රීඩා පිටියේදී පැවති ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා T20 තරගයේදී, ශ්‍රී ලංකා කණ්ඩායම අතිශයින්ම විශිෂ්ට වූ ජයක් වාර්තා කළා.
ඔස්ට්‍රේලියාවේ ආරම්භය – ශක්තිමත්, නමුත්…
මුලින්ම පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව වේගවත් ආරම්භයක් ලබා ගත්තත්, මැද ඕවරවලදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් සම්පූර්ණයෙන්ම තරගයේ පාලනය අතට ගත්තා.
ආරම්භක පිතිකරුවන් විසින් ලකුණු රැස්කළද, අවසානයේ ඔවුන්ට ලකුණු 181 සීමාවක නතර වීමට සිදු වුණා.
නිසංකගේ අසමසම ඉනිම අති විශිෂ්ටයි.
ඉලක්කය ලුහුබැඳීමට පිවිසි ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම්
තරගයේ ප්‍රධාන නායකයා බවට පත් වුණා.ඔහු සුවිශේෂී පහරවල් සමඟ කණ්ඩායම ස්ථාවර කරමින්, විශාල පීඩනයක් යටතේ ඉතා බුද්ධිමත් ඉනිමක් ක්‍රීඩා කළා.T20 තරගාවලියේ ප්‍රථම ශතකය වාර්තාකිරීමටද ඔහු සමත්වුනා.
ඔහු සමඟ පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් ගොඩනැගූ හවුල්කාරීත්වය තරගයේ turning point එක වුණා.
ඉලක්කය නියමිත පන්දුවාර අවසන් වීමටත් පෙර සම්පූර්ණයි!
ශ්‍රී ලංකාව නියමිත ඕවර සංඛ්‍යාවට පෙර ඉලක්කය සාර්ථකව සම්පූර්ණ කරමින්, ඔස්ට්‍රේලියාවට එරෙහිව විශ්වාසනීය ජයක් වාර්තා කළා.
මෙම ජය ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්වාසය තවදුරටත් වැඩි කරමින්, ඉදිරි තරග සඳහා ශක්තිමත් පණිවිඩයක් ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකාව මේ ජයග්‍රහණයත් සමග සුපර් 8 අතරට සුදුසුකම් ලබන අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට දුෂ්කර තත්වයකට මුහුණදී සිටියි.
“නිස්සංක form වුනාම වෙනමම level එකක්!” කියලා social media පුරාම අදහස් ගලා යනවා.
මේ ජයග්‍රහණය ගැන ඔබේ අදහස මොකක්ද? ![]()
![]()
T20 cricket updates එසැණින් ලබාගන්න, Lakkiwi News එක්ක දිගටම රැදිල ඉන්න. T20 match සියල්ල live බලන්න කැමති නම් පහළින් Live කියල comment එකක් දාගෙන යන්න.

0 Comments