← BACKSport

නවසීලන්තයේ රේස් ට්‍රැක් එක හොල්ලපු අපේ කොල්ලෙක්.

BY lakkiwiadminPUBLISHED JANUARY 31, 20261 MIN READ0 COMMENTS

යෙවාන් ඩේවිඩ්ගෙන් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ පණිවිඩයක්! ❤️🇳🇿
​නවසීලන්තයේ පැවති Formula Regional Oceania Championship තරගාවලියේ පළමු වාරය ඉතා සාර්ථකව නිමා කළ අපේ රටේ වේගවත්ම තරුව,


යෙවාන් ඩේවිඩ් (Yevan David) තමන්ට ලැබුණු ආදරය ගැන සංවේදී සටහනක් තබා තිබෙනවා. 🏁🏆
​🚀 අභියෝග මැද ජයග්‍රහණය කරා!


​”නොපුරුදු මංතීරු, අලුත් රටක් සහ අලුත් රේසිං රථයක් සමඟ යෙවාන් මුහුණ දුන් අභියෝගය ලේසි වුණේ නැහැ. නමුත් මේ සියල්ල මැද ඔහු තම බලාපොරොත්තුවලටත් වඩා සාර්ථක ගමනක් යාමට සමත් වුණා.
​🥁 “ලංකාවේ ආදරය මට පුදුමයක් වුණා!”


​නවසීලන්තයට ගිය දා සිටම තරග නරඹන්න පැමිණි ලාංකිකයන් ඔහුව පිළිගත්තේ පපරේ සංගීතයෙන්! 🎷
​”සාමාන්‍යයෙන් ලංකාවේ වැඩිපුරම ආදරය කරන්නේ ක්‍රිකට් වලට. නමුත් රේසිං ධාවකයෙක් විදිහට මට මෙතරම් ආදරයක් සහ සහයෝගයක් ලැබේවි කියලා මම හිතුවේ නැහැ. ස්තූතියි මගේ රටේ මිනිස්සුන්ට!” – යෙවාන් ඩේවිඩ් ❤️


​තම සීයා සහ පියා ගිය මඟ යමින්, ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තර මෝටර්ස්පෝර්ට් කරළියේ බැබළවීම යෙවාන්ගේ එකම ඉලක්කයයි. මෙම තරගාවලිය තුළින් ඔහු ලැබූ පන්නරය ඉදිරියේදී Formula 3 (F3) සිහිනය සැබෑ කර ගැනීමට විශාල ශක්තියක් වනු නොඅනුමානයි. ⚡️🌍
​ශ්‍රී ලංකාවේ නාමය ලෝකය හමුවේ ඔසවා තබන යෙවාන්ට අපේ සුබ පැතුම්! 🇱🇰🦁
​#YevanDavid #YD #LankanPride #FormulaRegional #OceaniaChampionship #NewZealand #SriLanka #Motorsport #F3Dream #SriLankanTalent #lakkiwi #lakkiwinews

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *