
නවසීලන්තයේ Waitangi Day උත්සවය අතරතුරදී,
නියෝජ්‍ය අගමැති ඩේවිඩ් සීමෝර් (David Seymour) කළ ප්‍රකාශයක් හේතුවෙන් රට පුරා දැඩි විවාදයක් ඇතිවී ඇත.
ඔහු කළ ප්‍රකාශය මොකක්ද?
සීමෝර් මහතා කියා සිටියේ,
බ්‍රිතාන්‍ය ආක්‍රමණය (colonisation) මාඔරි ජනතාවට සමස්තයක් ලෙස “ධනාත්මක බලපෑමක්” ඇති කළ බවයි.
මීට පසු දිනයේම නියෝජ්‍ය අගමැතිට වුන දේ?
ඊළඟ දිනයේ උදෑසන පැවැති Waitangi Treaty Grounds හි ආගමික උත්සවයකදී,
ඔහු ආගමික වතාවත් කරමින් සිටින අතරතුර
ජනතාව විසින් හූ කියමින්, සමච්චල් කරමින් ඔහුට දැඩි විරෝධයක් දැක්වීය.
සමහරු ශංඛ නාද කරමින් ඔහුගේ හඬ ඇසෙන්නට පවා නොදෙන ලෙස කටයුතු කර තිබුණි.
එය මේ තරම් සංවේදී කාරණයක් වුනේ ඇයි ?
Waitangi Day යනු,
1840දී අත්සන් කළ Waitangi ගිවිසුම සිහිපත් කරන,
මාඔරි ජනතාවට සිදුවූ අසාධාරණයන් ගැන කතා කරන විශේෂ දිනයක්.
අදත් මාඔරි ජනතාව තුළ
සෞඛ්‍ය
ආදායම්
සමාජ අවස්ථා
වශයෙන් පවතින අසමානතා පිළිබඳ විශාල කතාබහක් පවතී.
දේශපාලන ප්‍රතිචාර
මෙම සිද්ධියෙන් පසු, අගමැති ක්‍රිස්ටොෆර් ලක්සන් ජාතික එකමුතුව සහ ගෞරවනීය සංවාද පමණක් අවශ්‍ය බව තරයේ කියා සිටියේය.
මෙය නවසීලන්ත ආක්රමණයේ ඉතිහාසය, මාඔරි අයිතිවාසිකම් හා දේශපාලන දැක්ම පිළිබඳ පවතින ගැඹුරු භේදය තවත් වරක් පෙන්වා දෙන සිද්ධියක්.
අපගේ නවතම පුවත් දැනගැනීමය Lakkiwi.nz වෙබ් පිටුව වෙත පිවිසෙන්න.

0 Comments