← BACKCrime

නේපියර් වෙරළේ දරුවෙකුගේ මළ සිරුරක් – රාත්‍රී පුරා සිදුකළ මෙහෙයුමකින් පසුව සොයාගැනේ.

BY DhanushPUBLISHED FEBRUARY 7, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ Napier නගරයේ Westshore Beach වෙරළේ පස් හැවිරිදි දරුවෙකුගේ මෘත දේහයක් සොයාගන්නා ලදි.

🕗 සිදුවුනේ මොකද්ද?

මේ ගැන තොරතුරක් පොලිසියට වාර්තා වුනා. එතැන් සිට ක්‍රියාත්මක වූ පොලිසිය සහ Coastguard රාත්‍රීයේ 8:25 ට පමණ සෝදිසි මෙහෙයුම් ආරම්භ කළා.

මියගිය දරුවා හමුවීමත් සමග සියලු සෝදිසි මෙහෙයුම් රාත්‍රී 1:30 ට පෙර සාර්ථකව අවසන් වුනා.

🔎 පරීක්ෂණය

දරුවාගේ හැඳුනුම් තහවුරු කිරීම සහ Coroner පරීක්ෂණයක් මඟින් මරණයේ හේතුව අනාවරණය කරනු ලබයි.

පොලිසිය මෙම සිද්ධිය දියේ ගිලී සිදූවු මරණයක් ලෙස සැකකළා.

රාත්‍රීයේ Westshore ප්‍රදේශයේ සැකකටයුතු අවස්ථා සහ CCTV දර්ශන පිළිබඳ තොරතුරු පොලිසියට ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලිමක් කළා.

ඔබේ කුඩා දරුවන් ගැන නිතර අවධානයෙන් සිටින්න.පුංචි හෝ අත්වැරදීමකින් ඔබට ඔවුන්ව ජීවිත කාළයටම අහිමිවෙන්න පුළුවන්. ඉතින් අපි අපේ දරුවන් ආදරෙන් පරිස්සම් කරමු.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *