← BACKTechnology

Facebook ජාලයට අවුරුදු 22යි!

BY Dhanush•PUBLISHED FEBRUARY 7, 2026•1 MIN READ•0 COMMENTS

කුඩා කාමරයකින් පටන්ගෙන මුළු ලෝකයක් සම්බන්ධ කළ කතාව 🌍

🚀 ආරම්භය පුංචි අදහසක්, නමුත් සිහිනය විශාලයි.

📅 2004 පෙබරවාරි 4 හාවඩ් විශ්වවිද්‍යාලයේ කුඩා නවාතැනකින් Mark Zuckerberg සහ ඔහුගේ මිතුරන් වන Eduardo Saverin, Dustin Moskovitz, Chris Hughes යන කණ්ඩායම TheFacebook.com නම් ජාලයක් නිර්මාණය කලා. මෙය එක දවසක් ඇතුළත සිසුන් 1,200 ක් ලියාපදිංචි වෙන්න තරම් viral වුනා.

⸻

🔥 Facemash සිට Facebook වෙත මාරු උනු හැටි.

ඔවුන් 2003 දි විශ්වවිද්‍යාලයේ සිටින යාළුවන්ගේ මඩ photos, gossips වගේ දේවල් හුවමාරු කරගන්න, විනෝදයට වගේ Facemash කියන නමින් වෙබ්සයිට් එකක් හදනව. නමුත් ආරක privacy ගැන ගැටලු ඇති උන නිසා මේ වැඩේ නතර කරල දානව.නමුත් ඒකම තමයි Facebook වෙත ගිය විශාල අදහසක ආරම්භය වුනේ.

⸻

🎓 විශ්වවිද්‍යාලවලින් ලෝකයට ගිය ගමන.

• මුලින්ම Ivy League → පසුව සියලුම US විශ්වවිද්‍යාල වෙත මෙය විහිදෙනව.

• 2004 දී කැලිෆෝර්නියාවට මාරු වුනයින් පස්සෙ “The” කෑල්ල අතහැරල facebook.com නමට මෙය මාරු කරනවා.

• 2006 දී වයස අවුරුදු 13ට වැඩි සියලුම දෙනාට විවෘත කරනව.

• 2008 දී තමයි ලොකු වෙනසක් වෙන්නෙ. ඒ Wall & Chat භාවිතය හදුන්වාදීමත් එක්ක. පරිශීලකයන් facebook වෙත තවත් ඇලෙන්න පටන්ගන්නෙ මෙතනින් 😄

⸻

📈 අතිශය වර්ධනය & විශාල ජයග්‍රහණ

• 2008 දී පරිශීලකයින් මිලියන 100 පසුකරනව.

• 2009: “👍 Like” බොත්තම හදුන්වාදෙනව. මේකෙන් මුළු අන්තර්ජාලයම වෙනස් කරනව.

• 2010 දී මාසික පරිශීලකයින් මිලියන 500 ඉක්මවනවා.

• 2012දී Facebook Stock Market එකට ගිය දවස.ලෝකයේ විශාලම tech IPO එකක් ලෙස ඉතිහාසයට එක්වෙන්නෙ බිලියන 16ක කොටස් විකිණීමෙන්.

• Instagram (2012) – ඩොලර් බිලියනයකට මිළදී ගන්නවා.

• WhatsApp (2014) – ඩොලර් බිලියට 19කට මිළදීගන්නවා.

⸻

🌐 අද Facebook (Meta) ලෙස වෙනස්වෙලා.

• 2021 සිට: Meta Platforms හදුන්වාදෙනවා.

• 👥 මාසික පරිශීලකයින්: 3.07 බිලියන් ඉක්මවා යනව.

• 📱 දිනපතා: බිලියන 2.11 ක් facebook පාවිච්චි කරනව.

• 🇮🇳 වැඩිම පරිශීලකයින් වාර්තා වෙන්නෙ ඉන්දියාවෙන්. ඒ මිලියන 375 ක්.

• 🤖 AI මඟින් shopping, discovery, feeds ලෙස වැඩිදියුණු කරමින් නවමු අත්දැකීම් ඉදිරියටත් ලබාදෙනවා.

⸻

අවසාන වශයෙන් හාවඩ් හී පුංචි කාමරයකින් පටන් ගත්ත පොඩි කොල්ලො ටිකක් අද මුළු ලෝකයක් හොල්ලන්න පුළුවන් තරම් දත්ත එකතුකරගෙන ලෝකෙම තමන්ගෙ අතඋඩ තියාගෙන විප්ලවීය ගමනක් යනව.ඒ ගමනට 2026 පෙබරවාරි 04 ට අවුරුදු 22යි.

Facebook ඔබේ ජීවිතේ වෙනස් කළාද? ඒ ගැන තියන රවසත් කතා අපිත් එක්ක බෙදාගන්න.

දිනපතා නවසීලන්තයේ පුවත් කාටත් කලින්, නිවැරදිව දැනගන්න Lakkiwi.nz වෙබ් පිටුව සමග එකතුවෙන්න.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *