
නවසීලන්තයේ ජාතික දිනය වන වයිටැන්ගි දිනය වෙනුවෙන්, ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි අබොරිජිනල් (First Nations) කණ්ඩායමක් මාවෝරි ජනතාව සමඟ ඇති එකමුතුකම සහයෝගය තවමත් ඇති බව සංකේතවත් කිරීම ඉතා සිත්ගන්නාසුළු දසුනක් විය.
මෙම කණ්ඩායම, වයිටැන්ගි Treaty Grounds හි පැවති උදෑසන ආගමික හා සංස්කෘතික උත්සවවලට සහභාගී වී,
මූලික ජනතාවගේ අයිතිවාසිකම්,
භූමිය හා සංස්කෘතිය රැක ගැනීම,
භාෂා හා සම්ප්‍රදායන් සුරක්ෂිත කිරීම
වැනි කරුණු පිළිබඳ එකමුතුවෙන් හඬ නැගීය.
අබොරිජිනල් නායකයන් පවසා ඇත්තේ,
“ඕස්ට්‍රේලියාවේ අපි මුහුණ දෙන අභියෝග සහ මාවෝරි ජනතාව මුහුණ දෙන අභියෝග බොහෝ දුරට එකිනෙකට සමාන” බවයි.
මෙම සංචාරයට තරුණ පරපුරද කැටුව ඒම විශේෂයක්,
පැසිෆික් කලාපයේ මූලික ජනතාව අතර බැඳීම ශක්තිමත් කිරීම ඒ අයගේ ප්‍රධාන අරමුණක් ලෙස මෙහිදී සදහන් කළා.
මෙවර වයිටැන්ගි උත්සවය,
සංස්කෘතික නර්තන,
වකා (ඔරුව) පැමිණීම්,
සහ අයිතිවාසිකම් පිළිබඳ සංවාද වලින් විශේෂත්වයට පත් වුණා.
මාවෝරි – අබොරිජිනල් එකමුතුව, ලෝකය පුරා මූල් ජනතාවගේ අයිතිවාසිකම් ගැන සිහිපත් කරන වැදගත් පණිවිඩයක් ලෙස ඉතිහාසයට එක්වෙයි.
Waitangi දිනයේ මෙම සැමරීම්, සිදුවීම් නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ඔබට දැනෙන්නෙ කොහොමද?

0 Comments