
Wellington හි නිර්මාණය වූ විප්ලවීය පිළිකා ප්‍රතිකාරයක් දැන් ජීවිත බේරනමින් සිටිනවා.නමුත් 2018 දී Kurt Brunton ට එය නොලැබී මිය ගියා – ඔහුගේ කතාව අද නවසීලන්තයේ වෛද්‍ය පද්ධතියම වෙනස් කරනවා.
Kurt ගේ කතාව:
2018 ජනවාරි 11 දින 40 හැවිරිදි buff Kurt ට බිත්තරයක ප්‍රමාණයේ tumor එකක් සොයා ගත්තා.
මෙය Stage 4 aggressive lymphoma blood cancer ලෙස හඳුනා ගත්තා
පසුව Chemotherapy ප්‍රතිකාර වැඩ කරා නමුත් පිළිකාව නැවත වරක් මතුවුනා.
මේ සදහා එකම විකල්පය වුනේ CAR-T therapy.
ඒත් නවසීලන්තයේ CAR-T therapy නැති නිසා USA යන්න සිදු වුණා.
ප්‍රතිකාරයේ වියදම ඩොලර් මිලියන 1.5 පමණ මිළ අධික වුනා.
ඇමරිකාවේ Boston හිදී මොකද උනේ?
Kurt ඇමරිකාවේදී CAR-T trial එකට සහභාගී වුණා
නමුත් අවාසනාවන්ත ලෙස ප්‍රතිකාරය අසාර්ථක වුණා
2019 ජනවාරි 7 – Kurt මිය ගියා.
නමුත් කලින්ම CAR-T therapy එකට යොමු කලානම් ඔහුව බේරගන්න තිබුන බව වෛද්‍යවරුන් සදහන් කළා.
මේ කතාවෙන් පස්සෙ තමයි හොදම දේ වෙන්නෙ.
Wellington හී Malaghan Institute ලෝකයටම ආදර්ශයක් වෙමින් පිළිකා රෝගයට ප්‍රතිකාර කරන CAR-T therapy මැෂින් එකක් නිපදවනු ලැබුවා.
CAR-T therapy කියන්නේ මොකක්ද?
රෝගියාගේම T-cells (ප්‍රතිශක්ති සෛල) අරගෙන ජානමය වශයෙන් වෙනස්කම් කරලා “killer cells” බවට පත් කරන ප්‍රතිකාරයක්. ඒ සෛල පිළිකා සෛල හඳුනාගෙන විනාශ කරනවා.
2019 සිට trial ආරම්භ කළා
රෝගීන් 30 දෙනා ප්‍රතිකාර කළා – 50%+ ක් සම්පූර්ණ සුවය ලැබුවා
Serious side effects නැහැ (overseas CAR-T වලට වඩා සුරක්ෂිතයි)
2027 වන විට NZ public health system එකට register කරනවා.
Overseas CAR-T මිල: US$ 500,000+ / NZ CAR-T: වඩා පහසු මිලකට ලබාදීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.
Kurt ට 2018 හි නොලැබුණු ප්‍රතිකාරය දැන් NZ විද්‍යාඥයන් විසින් නිපදවා අනාගතයේ ජීවිත බේරනවා.
මේ සුභ ආරංචිය හැමෝටම දැනගන්න ශෙයා කරමු!

0 Comments