← BACKSport

නවසීලන්තයේ ලූකා හැරිංටන් ශීත ඔලිම්පික් ලෝකඩ පදක්කම දිනාගනියි!

BY Dhanush•PUBLISHED FEBRUARY 11, 2026•1 MIN READ•0 COMMENTS

❄️වොනකා නගරයේ උපන් 21 හැවිරිදි ලූකා හැරිංටන්, මිලානෝ කොර්ටිනා ශීත ඔලිම්පික් උළෙලේදී පිරිමි slopestyle skiing ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්වුනා. මෙය නවසීලන්තයට මෙවර හිමිවූ දෙවන ඔලිම්පික් පදක්කමයි.පළමු උත්සාහයන් දෙක අසාර්ථක වූ පසු, අවසාන වතාවේ ඉතා හොදින් තරගය සම්පූර්ණ කළ හැරිංටන්, නෝර්වේ ජාතික Birk Ruud සහ ඇමරිකාවේ Alex Hall පසුපසින් තුන්වන ස්ථානය හිමි කර ගත්තා.

❓ මෙම තරඟය කොතරම් අභියෝගාත්මකද?
අඳුරු වලාකුළු සහිත අහස නිසා ක්‍රීඩකයින්ට ඉතා අපහසු තත්වයන් මැද තරඟ කිරීමට සිදු වුණා.

‼️සම්පූර්ණ ක්‍රීඩකයන් 12 දෙනා විසින්ම සිදු කළ උත්සාහ 36 න් 28 ක් අසාර්ථක වූ අතර, පිටි බිමට පැමිණීම හඳුනා ගැනීමට අපහසු තත්වයක් පැවතුණා.
හැරිංටන් පළමු වතාවන් දෙකෙදීම අසාර්ථකයි.නමුත් අවසානයේ විශ්වාසය පමණක් නොව ධෛර්යය ද ප්‍රදර්ශනය කරමින් ඔහු ලෝකඩ පද්දකම හිමිකරගැනීමට සමත්වෙනවා.

❓ තරඟයේදී තවත් වැදගත් සිදුවීම් මොනවද?

⛑️රන් පදක්කම දිනාගත් නෝර්වේ ජාතික Ruud අවසන් වටයේදී ඉතා අනතුරුදායක ලෙස වැටී මුහුණට තුවාල ලබනවා. නමුත් එය තරගයට කිසිදු බාධාවක් කර නොගනිමින් ඔහු විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළා.

💁🏻‍♂️රිදී පදක්කම් ලාභී ඇමරිකානු Alex Hall පැවසූයේ, අඳුරු අහස නිසා “හැඟීම් පමණක් මත තීරණ ගන්න” සිදු වූ බවයි.
🤩පස්වන ස්ථානයට පත් වූ ස්වීඩන ජාතික Jesper Tjader පිටුපසට උඩු බැළි අතට පෙරළී රේල් මත ලිස්සා පිරිසට අමතක නොවන දර්ශනයක් ලබා දුන්නා.

❓ නවසීලන්තයේ ශීත ඔලිම්පික් තත්වය සතුටුදායකද?
🏅නවසීලන්තය මේ වන විට පදක්කම් දෙකක් දිනාගෙන තියෙනවා.

🥈Zoi Sadowski-Synnott මෙම ක්‍රීඩා උළෙලේදී නවසීලන්තයට පළමු පදක්කම ලබා දුන්නේ Big Air ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගනිමිනුයි.

🥉24 හැවිරිදි Sadowski-Synnott දැනට ශීත ඔලිම්පික් පදක්කම් හතරක් දිනාගෙන ඇති අතර ඊට රන් එකක්, රිදී දෙකක් සහ ලෝකඩ එකක් ඇතුළත් වෙනවා.
හැරිංටන්ගේ මෙවර ජයග්‍රහණය නවසීලන්ත ශීත ක්‍රීඩා ඉතිහාසයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් බවට පත්වෙනවා.

ඔබට ලූකා හැරිංටන්ගේ මේ ජයග්‍රහණය ගැන හිතෙන්නෙ මොනවාද? 🇳🇿🏅
(RNZ web අඩවියේ පලවූ වාර්තාවක් ඇසුරින්)

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *