← BACKSport

Auckland SailGP තරගය අතරතුර භයානක අනතුරක් – ක්‍රීඩකයන්ට තුවාල, තරගය සම්පූර්ණයෙන් නතර කරයි 🚨

BY DhanushPUBLISHED FEBRUARY 14, 20261 MIN READ0 COMMENTS

ඉතා ඉහළ වේගයෙන් ධාවනය වූ යාත්‍රා දෙකක් ගැටීමෙන් ක්‍රීඩකයන් දෙදෙනෙකු තුවාල ලබා, එදින SailGP තරග සියල්ල නවතා දැමීමට සිදු වුනා.

📍 Auckland – Waitematā Harbour
📅 2026 පෙබරවාරි 14

මේක ඇත්තටම හිතට වැදෙන සිදුවීමක්. Auckalnd Waitematā Harbour මත පැවැත්වුණු SailGP තරගාවලියේ පළමු දිනයේදී, නවසීලන්තයේ Black Foils සහ ප්‍රංශයේ DS Team France යාත්‍රා දෙක අතර දැඩි, ඉතා වේගවත් ගැටීමක් සිදු වුණා.

මේ අනතුර කෙතරම් බරපතළද කියනව නම්, සංවිධායකයින්ට එදිනට නියමිත සියලුම SailGP ධාවන සම්පූර්ණයෙන් නතර කිරීමට තීරණය කරන්න සිදු වුණා.

⚠️ අනතුර සිදු වුනේ කොහොමද?

තරගයේ 3 වැනි ධාවනය අතරතුර,
⛵ F50 foiling catamaran යාත්‍රා දෙකම
⚡ 50 knots (ආසන්න වශයෙන් 90 km/h) වැනි අතිශයින් ඉහළ වේගයකින් ධාවනය වෙමින් තිබුණා.

ඒ අතරේ, Black Foils යාත්‍රාව පාලනයෙන් ඉවත් වෙලා, ප්‍රංශ යාත්‍රාවේ ගමන් මාර්ගයට හරස් වුණා.
⏳ වැළැක්වීමට කාලයත් ඉඩක්ත් නොලැබීම නිසා,
💥 යාත්‍රා දෙකම දැඩි ලෙස එකිනෙකට ගැටුණා.

🚑 තුවාල ලැබූ ක්‍රීඩකයන්ගේ තත්ත්වය මොනවගේද?

මෙම අනතුරෙන් ක්‍රීඩකයන් දෙදෙනෙකුට තුවාල සිදු වුණා.
• එක් අයෙක් – නවසීලන්ත Black Foils කණ්ඩායමෙන්
• අනෙක් අය – ප්‍රංශ DS Team France කණ්ඩායමෙන්

නවසීලන්ත කණ්ඩායමේ grinder Louis Sinclairට
🦵 දෙපාවල සංකීර්ණ කැඩීම් සිදුව ඇති බව තහවුරු කරලා තියෙනවා.
ඔහු මේ වනවිට රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටිනවා.

තුවාල ලැබූ ක්‍රීඩකයන් දෙදෙනාම මේ වනවිට යහපත් තත්ත්වයේ සිටින බව SailGP සංවිධායකයින් කියන එක.

🛑 ඇයි තරග නතර කරන්න වුනේ?

👉🏻යාත්‍රා දෙකටම සිදු වූ ගැඹුරු හානි සහ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව ප්‍රමුඛ කරගෙන,
👉🏻එදිනට නියමිත සියලුම ධාවන තරග අත්හිටුවීමට තීරණය කෙරුණා.

අනතුර ගැන නිල පරීක්ෂණයක් දැනටමත් ආරම්භ කරලා තියෙන අතර,
👉 ඉදිරි තරග පැවැත්වීම ගැන තීරණය පසුව ප්‍රකාශයට පත් කරන බව SailGP පවසනවා.

💬 මේකෙන් අපිට හිතන්න තියෙන්නෙ මොනවද?

SailGP වගේ
⚡ අතිශයින්ම වේගවත්
🌊 අධි අවදානම් නාවික ක්‍රීඩාවලදී,
🏆 ජයග්‍රහණයට වඩා ජීවිතය සහ ආරක්ෂාව වැදගත් කියන එක නේද?

ක්‍රීඩකයන්ගේ සුවය මුලික කරගත් මේ තීරණය,
ක්‍රීඩා ලෝකයටම දෙන ශක්තිමත් පණිවිඩයක්.

🙏 තුවාල ලැබූ සියලුම ක්‍රීඩකයන්ට ඉක්මන් සුවය ලැබේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *