
📍 Group D – MA Chidambaram Stadium, Chennai
පසුගියදා ඉන්දියාවේ පැවති T20 ලෝක කුසලාන, Group D කාණ්ඩය ඔස්සේ පැවති තරගයයේදී නවසීලන්තය, කැණඩාවට එරෙහිව කඩුලු 8ක ජයක් ලබා Super 8 වටයට පිවිසීමට වරම් ලැබුවා.
🇨🇦 සමරාගේ ඉතිහාසගත ශතකය
කැණඩාව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි අතර පන්දු වාර 20 අවසානයේ 173/4 ලෙස ලකුණු සටහන් කළා.
එහි විශේෂම අවස්ථාව වූයේ 19 හැවිරිදි යුවරාජ් සමරාගේ අතිවිශිෂ්ට ඉනිමයි.
• 🔥 ලකුණු 110 (පන්දු 65)
• 🏏 හතරේ පහර 11යි.
• 💥 හයේ පහර 6යි.
ඔහු පන්දු 58 කදී සිය ශතකය සම්පූර්ණ කරමින්, ක්‍රීඩකයෙකු විසින් T20 ලෝක කුසලානයක ලබාගත් පළමු ශතකය වාර්තා කළා.
ඒමෙන්ම, T20 ලෝක කුසලාන ඉතිහාසයේ අඩුම වයසේ ශතකලාභියා ලෙසත් නව වාර්තාවක් පිහිටුවා ඇත.
සමරා අවසානයේ ජේකබ් ඩෆිගේ පන්දුවකින් දැවී ගියත්, ක්‍රීඩාංගණයේ සිටි ප්‍රේක්ෂකයින් ඔහුට නොනවත්වා අත්පොළසන් ලබාදුන්නා.
👉🏻සමරා තරගයෙන් පසු:
“ලෝක කුසලානයට අපි සුදුසුකම් ලැබූ දා සිටම මේ මොහොත ගැන මම සිහින දැක්කා. මේ වයසේදී මෙවන් වේදිකාවක ශතකයක් ගැසීම මට සිහිනයක් සැබෑ වීමක්.”
🇳🇿 නවසීලන්තයේ ප්‍රතිප්‍රහාරය
173ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්තයට ආරම්භය ටිකක් අසීරු වුණා.
ටිම් සීෆර්ට් සහ ෆින් ඇලන් ඉක්මනින් දැවී යාමත් සමඟ ඔවුන් 30/2 තත්ත්වයට නතරවුනා.
එහෙත්, එතැන් සිට තරගය සම්පූර්ණයෙන්ම වෙනස් කළේ:
• 🏏 ග්ලෙන් පිලිප්ස් – 76 (36)*
• 🌟 රචින් රවීන්ද්‍ර – 59 (39)*
මෙම දෙදෙනා තුන්වැනි කඩුල්ලට නොදැවී ලකුණු 146ක සබඳතාවයක් ගොඩනඟමින්, තරගය පන්දුවාර 15.1 කදී 176/2 ලෙස නිමා කළා.
මෙම ජයග්‍රහණයත් සමඟ නවසීලන්තය Super 8 වටයට සුදුසුකම් ලැබූ අතර, කැණඩාව සමඟ UAE සහ අෆ්ගනිස්තානයත් තරගාවලියෙන් ඉවත් වුණා.
සමරාගේ ශතකය කැණඩා ක්‍රිකට් ඉතිහාසයේ අමතක නොවන මොහොතක් වුවත්, එය ජයග්‍රහණයක් බවට පත් කිරීමට නොහැකි වීම ඔවුන්ට කණගාටුවට කරුණක් වුණා.
නමුත් යුවරාජ් සමරා නම අද සිට ලෝක ක්‍රිකට් වේදිකාවේ ප්‍රබල හඬක් නගන බව ස්ථීරයි.🔥🏏

0 Comments