
ඊයේ ලංකා කණ්ඩායම නවසීලන්තය හමුවේ අන්ත පරාජයක් ලැබුවද ඊයේ තරඟයේ වීරයා වුණු රචින් රවීන්ද්‍ර( ලකුණු 27ට කඩුළු 4 දවා ගත්) කියපු මේ කතාවම ලංකාවේ ඉත්තෑවන්ට ලොකු සතුටක් ගේන කතාවක්.
තම පෞද්ගලික ක්‍රීඩා දිවියේ කිසිදා අමතක නොවෙන පන්දු යැවීමක් කළ රචින් රවීන්ද්‍ර තරඟයේ වීරයා වූ පසු මෙහෙම කතාවක් කිව්වා.
තරඟයට කලින් Ground 1ට ආවම ජාතික ගීය කියන්න,
“ශ්‍රී ලංකා මාතා” කියල විශාල හඬක් මුළු පිට්ටෙනිය වටෙන්ම ඇහුණා. හිතා ගන්න බෑ එච්චර සද්දයක්. අපි මුලින් තිගැස්සමකට පවා ලක් වුණා වගේ.
ඒත් අන්තිමට ලංකාවේම ක්‍රීඩා ලෝලින්,
New Zealand කියල මහ හයියෙන් කෑ ගැහුවා. තරඟ අවසානය ලං වෙද්දි. ඔවුන් හරිම පුදුම ජාතියක්. ස්තූතියි ශ්‍රී ලංකා.

0 Comments