
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නව පිබිදීමකට පදනම දැමූ “පුරාවෘත්තය”, සනත් ජයසූරිය මහතා අද සිය ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සමුගනී. 🤝
අද (28) පල්ලේකැලේ පිටියේදී පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගය ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අවසන් අවස්ථාව වනු ඇත. 🏟️
ප්‍රධාන කරුණු කිහිපයක්.
පෙර තීරණය:
තරගාවලිය ආරම්භයට පෙරම ඔහු සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කර තිබූ අතර, කොන්ත්‍රාත් කාලය ඉතිරිව තිබියදීත් එම තීරණයේ වෙනසක් නොමැති බව ඔහු තහවුරු කර තිබේ.
ආරම්භය:
2024 ජූලි මස ඉන්දියානු සංචාරයේදී තාවකාලික පුහුණුකරු ලෙස වැඩ භාරගත් සනත්, පසුව පූර්ණ කාලීන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතකට රැගෙන ඒමට සමත් විය. 📈
වාර්තාව:
ඔහුගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකාව තරග 74කට මුහුණ දුන් අතර, ඉන් තරග 34ක් ජයග්‍රහණය කිරීමට සමත් විය. ✅
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වැටී තිබූ තැනින් ඔසවා තැබීමට ඔබ ලබාදුන් දායකත්වය අතිමහත්ය! 💎
ස්තූතියි සනත්! ❤️

0 Comments