
සිද්ධිය වුනේ කොහොමද?
නවසීලන්තයේ Health New Zealand ආයතනය විසින් Ehlers-Danlos syndromes (EDS) සහ Hypermobility Spectrum Disorder (HSD) රෝගීන් සඳහා නව වෛද්‍ය උපදෙස් නිකුත් කළා.
මෙම රෝග දෙකම සන්ධි, හෘදය සහ රක්ත නාලිකා වැනි ශරීර කොටස් වලට බලපාන රෝග තත්වයන් වේ.
උපදෙස්වල විවේචන එල්ල වෙයි? ![]()
නව උපදෙස් වලින් කියා තිබුණේ:
අභ්‍යන්තර තරල
ශක්තිමත් ඔපියොයිඩ් වේදනා ඖෂධ
කෘතිම පෝෂණ නල
සමහර සැත්කම් වර්ග
“අනුමත නොකළ යුතුයි” කියලා නිල වෙබ් අඩවියේ සඳහන් කර තිබුනා.
ඒත් රෝගීන් සහ advocacy කණ්ඩායම් කියාසිටියේ, මෙය අවදානම් සහගත උපදෙස් කියලා, මොකද මේ ප්‍රතිකාර බොහෝ විට ජීවිත රැකගැනීමට අවශ්‍ය වන ප්‍රතිකාරයි.
Health NZ එකන් මෙයට ප්‍රතිචාරය කුමක්ද?
• විවේචන ලැබුණු පසු, “අනුමත නොකළ යුතුයි” කොටස නිල වෙබ් අඩවියෙන් ඉවත් කළා.
• නිල ප්‍රකාෂක කියාසිටියේ, මෙය රෝගීන්ට සහ වෛද්‍යවරුන්ට ගැටලු ඇති කරන පියවරක් බවටයි.
රෝගීන්ගේ අදහස් මොනවාද?
• නව උපදෙස් වලින් වැරදි තොරතුරු ප්‍රචාරය කර ඇතැයි රෝගීන් පවසයි.
• බොහෝ විට, අවශ්‍ය ප්‍රතිකාර වලට අවසර නොලැබීම ගැටලු ඇතිකරන බව සදහන් කරයි.
• වෛද්‍යවරුන්ගේ අදහස් වලට අනුව, EDS සහ HSD රෝගීන්ට සංකීර්ණ හා අවශ්‍ය ප්‍රතිකාර ලබා දිය යුතුයි.
නවසීලන්තයේ පමණක් නොව, ඕනෑම රටක සෞඛ්‍ය අංශය වැනි ක්ෂේත්රයක උපදෙස් නිකුත් කිරීමේදී ඉතා සැලකිළිමත් විය යුතුයි.

0 Comments