← BACKSport

මිල්බෘක් හි සුවිශේෂී ජයක් – Daniel Hillier ඉතිහාසයට නව පියවරක්!

BY DhanushPUBLISHED MARCH 3, 20261 MIN READ0 COMMENTS

මෙවර New Zealand Open ගොල්ෆ් තරඟාවලිය පැවැත්වුණේ සුන්දර Millbrook Resort හිදීයි.

ඒ තරඟයේ විශිෂ්ට ජයග්‍රහණය දිනාගත්තේ නවසීලන්තයේම දක්ෂ ක්‍රීඩක ඩැනියෙල් හිලියර්.

⛳ අවසන් වටයේ දැඩි සටනක්

👉🏻හිලියර් තරඟය අවසන් කළේ 22 (22-under-par) අතිවිශිෂ්ට ලකුණු සමඟයි.

👉🏻දෙවැනි ස්ථානයට පැමිණියේ Lucas Herbert.

ඔහු 20- Under par ලකුණු ලබා ගත්තත්, හිලියර් ඔහුට වඩා ලකුණු 2කින් ඉදිරියෙන් සිටියා.

තරඟය පුරාම හිලියර් ක්‍රීඩා කළේ ඉතා සීරුවෙන්.

පීඩනය යටතේ වුනත් ඔහු සන්සුන්ව, විශ්වාසයෙන් තරඟය පාලනය කළා.

🇳🇿 නවසීලන්තයට විශාල ගෞරවයක්

👉🏻2017 වසරෙන් පසු, New Zealand Open ශූරතාව දිනාගත් පළමු නවසීලන්ත ක්‍රීඩකයා වීමත් මේ ජයග්‍රහණයේ විශේෂත්වයක්.

👉🏻මෙය ඔහුගේ වෘත්තීය ජීවිතයේ විශාලම ජයක් ලෙස සැලකේ.

💁🏻‍♂️හිලියර් පවා පවසා තිබුණේ,

👉 “මෙය මගේ ජීවිතයේ දෙවන හොඳම දවසයි. (පළමු දවස ඔහුගේ විවාහ දිනයයි)” කියලා.

🌍 “The Open” වෙත යන මාර්ගය

සාමාන්‍යයෙන් The Open Championship සඳහා ස්වයංක්‍රීය සුදුසුකම මෙම තරඟයේ ශූරයාට හිමි වේ.

නමුත් හිලියර් මේ වනවිටත් ලෝක ශ්‍රේණිගත කිරීම අනුව එම සුදුසුකම ලබාගෙන තිබුණා.

ඒ නිසා එම අවස්ථාව ලූකස් හර්බට්ට හිමිවුණා.

මෙය නවසීලන්ත ගොල්ෆ් ඉතිහාසයේ සටහන් වන, රටට ගෞරවයක් ගෙනදුන් විශිෂ්ට ජයග්‍රහණයක්. 🇳🇿✨

ඔබටත් නවසීලන්තයේ ගොල්ෆ් ක්‍රීඩා අත්දැකීම් තිබේද?

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *