
මැදපෙරදිග අර්බුදය ගැන ලෝක නායකයන්ගේ හදිසි සාකච්ඡාවක්.
මැදපෙරදිග කලාපයේ තත්වය දිනෙන් දින දරුණු වෙමින් යන අතර, එය ලෝකයම කනස්සල්ලට පත් කරමින් තිබේ. මෙම අසීරු අවස්ථාවට පිළියමක් සොයමින් ලෝකයේ බලවත් නායකයන් කිහිප දෙනෙක් එක්ව අන්තර්ජාතික මට්ටමේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ.
මෙම සාකච්ඡාවට ජෝර්දානයේ රජු වන King Abdullah II ද සහභාගී වූ අතර, ලෝකයේ ප්‍රධාන නායකයන් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින් ද එක්විය. ඔවුන් සියලුදෙනාගේම අවධානය යොමු වූයේ මැදපෙරදිග කලාපයේ වැඩිවෙමින් පවතින යුධ ගැටුම් සහ එහි ප්‍රතිවිපාක පිළිබඳවයි.
මෙම හමුවේදී යුරෝපීය සංගමයේ ප්‍රධාන නායකයින් වන Ursula von der Leyen සහ António Costa ද එක්ව සිටි අතර, ඉජිප්තු ජනාධිපති Abdel Fattah el‑Sisi ද සාකච්ඡාවට සහභාගී විය.
මෙම සාකච්ඡාවේදී නායකයන් පෙන්වා දුන්නේ, මැදපෙරදිග කලාපයේ තත්වය තවදුරටත් උග්‍ර වුවහොත් එය ලෝකය පුරා ආරක්ෂාවටත් ආර්ථිකයටත් බලපාන විශාල අර්බුදයක් බවට පත්විය හැකි බවයි.
විශේෂයෙන්ම King Abdullah II අවධාරණය කළේ, යුද්ධය හෝ බලය නොව, සාමය සහ සංවාදය පමණක් මෙම ගැටුමට විසඳුමක් ගෙන එන බවයි.
ඔහු විශේෂයෙන් සඳහන් කළේ, මේ ගැටුම් හේතුවෙන් අහිංසක ජනතාවට සිදුවන වේදනාව සහ විනාශය ලෝකය අමතක නොකළ යුතු බවයි.
මේ වනවිට මුළු ලෝකයම බලාපොරොත්තුවෙන් සිටින්නේ යුධ ගිනි නිවී ඉක්මනින් සාමය උදාවීමයි.
මේ නිසාම ලෝක නායකයන් මෙම හමුවේදී
ගැටුම් තවත් වර්ධනය වීම වැළැක්වීමට.
රාජ්‍යයන් අතර සංවාදය වැඩි කිරීමට.
අහිංසක ජනතාව ආරක්ෂා කිරීමට.
එක්ව ක්‍රියා කළ යුතු බවට එකඟ විය.
ලෝක නායකයන් වගේම අපිත් ඉක්මනින් යුධ ගිනි නිවී සාමය උදාවීමට ප්‍රාර්ථනා කරමු!

0 Comments