
Google සමාගම විසින් තම Google Chrome වෙබ් බ්‍රව්සරයට නව AI (කෘත්‍රිම බුද්ධි) පහසුකම් එක් කරමින් ඒවා New Zealand, India සහ Canada යන රටවල පරිශීලකයන්ටද ලබාදීමට ආරම්භ කර තිබේ.
මෙම නව AI තාක්ෂණය Gemini මඟින් ක්‍රියාකරන අතර, වෙබ් බ්‍රව්සරය භාවිතා කරන අතරතුරම බොහෝ වැඩ පහසු කර ගැනීමට මෙය උපකාරී වේ.
🤖 Chrome තුළම AI සහායකයෙක්
මෙම නව යාවත්කාලීන කිරීමේ ප්‍රධානම විශේෂත්වය වන්නේ “Gemini in Chrome” යන AI සහායකයයි.
Chrome බ්‍රව්සරයේ පැත්තේ (side panel) ඇති බොත්තමක් ක්ලික් කර AI සමඟ සෘජුව කතා කළ හැක.
එම AI සහායකය මඟින් ඔබට,
👉🏻දිගු ලිපි සාරාංශ කර ගැනීමට
👉🏻සංකීර්ණ තොරතුරු පහසු ලෙස පැහැදිලි කර ගැනීමට
👉🏻වෙබ් පිටුවක ඇති තොරතුරු පිළිබඳ ප්‍රශ්න අසීමට
👉🏻අධ්‍යයන සටහන් හෝ Quiz සකස් කිරීමට
👉🏻බොහෝ tabs අතර තොරතුරු ඉක්මනින් සොයා ගැනීමට
හැකි වේ.
📧 Google සේවාවන් සමඟ සම්බන්ධ වීම.
මෙම AI සහායකය Google හි අනෙකුත් සේවාවන් සමඟද සම්බන්ධ වී ක්‍රියා කරයි.
උදාහරණ ලෙස:
👉🏻Gmail – Email ලිවීමට සහ සාරාංශ කිරීමට
👉🏻Google Maps – ස්ථාන වල තොරතුරු සොයා ගැනීමට
👉🏻Google Calendar – සිද්ධීන් සැලසුම් කිරීමට
👉🏻YouTube – වීඩියෝවල සාරාංශ ලබා ගැනීමට
මෙම සේවාවන් Chrome තුළම භාවිතා කළ හැකි නිසා වෙනත් tabs විවෘත කිරීම අවශ්‍ය නොවේ.
🖼️ AI භාවිතා කරමින් පින්තූර සංස්කරණය
Chrome තුළ AI පදනම් වූ නව image editing tool එකක්ද එක් කර තිබේ.
මෙහිදී පරිශීලකයාට වචන වලින් කියා පින්තූර වෙනස් කිරීමට හැක.
උදාහරණයක් ලෙස – background වෙනස් කිරීම, වර්ණ සංස්කරණය කිරීම වැනි දේවල් ඉක්මනින්ම AI මඟින් සිදු වේ.
🌍 භාෂා 50කට වැඩි සහාය
මෙම AI පහසුකම් දැන් භාෂා 50කට වැඩි සංඛ්‍යාවකට සහාය දක්වයි.
ඒ නිසා ලොව පුරා පරිශීලකයන්ට තමන්ට හුරු භාෂාවෙන් AI භාවිතා කළ හැක.
💻 ලබා ගත හැකි උපකරණ
මෙම නව පහසුකම් දැනට ලබාගත හැක්කේ:
👉🏻Windows සහ Mac desktop පරිගණක
👉🏻Chromebook
👉🏻iPhone සහ iPad (iOS)
ඇතුළු උපකරණවලය.
ලෝකයම AI තුළින් බලගැන්වෙන මොහොතක ඔබ AI වැඩිදියුණුවීම් ගැන දක්වන අදහස කුමක්ද?

0 Comments