
නවසීලන්ත පාර්ලිමේන්තුවේ පැවැති විශේෂ විවාදයකදී රටේ මූලික පහසුකම් (Infrastructure) සම්බන්ධ වැදගත් තීරණ දේශපාලන බලපෑමෙන් තොරව ගත යුතු බවට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ එකඟතාවයක් පළවී ඇත.
මෙම විවාදය පැවැත්වුණේ නවසීලන්තයේ අනාගත සංවර්ධනය සම්බන්ධයෙන් වන ජාතික මූලික පහසුකම් සැලැස්ම (National Infrastructure Plan) යටතේය.
“රටට වැදගත් වැඩ , දේශපාලනයෙන් තොරව කළ යුතුයි”
විවිධ පක්ෂවල මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ,
මාර්ග, රෝහල්, පාසල්, ජල පද්ධති සහ පොදු ප්‍රවාහන වැනි ව්‍යාපෘති රටේ අනාගතයට වසර ගණනාවක් බලපාන බැවින්, ඒවා කෙටි කාලීන දේශපාලන ලාභය සඳහා භාවිතා නොකළ යුතු බවයි.
ඔවුන්ගේ අදහස අනුව, රටේ මූලික පහසුකම් සැලසුම් කිරීම දිගුකාලීන සහ ස්ථාවර සැලසුමක් යටතේ සිදු විය යුතු බවයි.
නවසීලන්තයට මුහුණ දීමට ඇති ප්‍රධාන ගැටළු
විවාදයේදී නවසීලන්තයට ඉදිරියට ඇති මූලික පහසුකම් අභියෝග කිහිපයක් ද හෙළිදරව් විය.
• පැරණි මාර්ග සහ ගමනාගමන පද්ධති යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව
• දිගුකාලීනව සකස් නොකළ නඩත්තු කටයුතු
• ජනගහනය වැඩිවීම සහ වයස්ගත පිරිස වැඩිවන සමාජය
• ස්වභාවික විපත් හා දේශගුණික වෙනස්වීම්වල බලපෑම්
මෙම කරුණු නිසා රටට මූලික පහසුකම් සංවර්ධනය සඳහා පැහැදිලි දිගුකාලීන සැලැස්මක් අත්‍යවශ්‍ය බව මන්ත්‍රීවරු පෙන්වා දුන්නා.
ස්වාධීන ඇගයීමක් අවශ්‍යයි
තවද, නවසීලන්තයේ Infrastructure Commission නම් ස්වාධීන ආයතනයේ භූමිකාවද මෙම විවාදයේදී අවධාරණය විය.
ඇතැම් මන්ත්‍රීවරු පෙන්වා දුන්නේ, විශාල රජයේ ව්‍යාපෘති මෙම ස්වාධීන ආයතනය හරහා ඇගයීමට ලක් කළ යුතු බවයි.
එය සිදු වුවහොත්,
• ආණ්ඩු වෙනස් වූ විට ව්‍යාපෘති නවතා දැමීම අඩු වේ
• දිගුකාලීන සැලසුම් වඩා හොඳින් ක්‍රියාත්මක වේ
• දේශපාලන බලපෑම අවම වේ
මෙම නව යෝජනාව ක්‍රියාත්මක කිරීමෙන් පසුව නවසීලන්තයට ස්ථාවර, දීර්ඝකාලීන සංවර්ධනයක් ලබාගත හැකි බවට ඔවුන් විශ්වාස කරයි.

0 Comments