← BACKHealth

කොවිඩ් නිසා අසනීප වූ සේවකයන් හට නිවාඩු නොදෙන සේවායෝජකයන්ට වැඩ වරදියි.

BY DhanushPUBLISHED MARCH 10, 20261 MIN READ0 COMMENTS

කාලයක් තිස්සේ යටපත්ව තිබූ කොවිඩ්-19 වෛරසය නැවතත් සමාජය තුළ ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය විශේෂඥයන් පවසනවා. මෙම නව තත්ත්වයත් සමඟ අසනීප වූ සේවකයන්ට sick leave (අසනීප නිවාඩු) ලබාදීමට ඉඩ නොදෙන හෝ ඒ ගැන කම්කරුවන්ට පීඩනයක් එල්ල කරන සේවායෝජකයන්ට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

👉🏻වැඩට පැමිණෙන ලෙසට එල්ලකරන පීඩනය…

විශේෂඥයන් පවසන්නේ සමහර සේවායෝජකයන්, තම සේවකයෝ අසනීපව සිටියත් “වැඩට පැමිණෙන” ලෙස පීඩනයක් එල්ල කරන බවයි.

එය නොසලකා හැරිය හැකි ගැටළුවක් නොවෙයි. එවැනි තීරණ සම්බන්දයෙන් නීතියටත් එරෙහි විය හැකි අතර, එක සේවකයෙකු හරහා මුළු කාර්යාලයකට හෝ ව්‍යාපාරයකට වෛරසය පැතිර යාමේ අවදානමක් ඇති බව විශේෂඥයන් අවධාරණය කරනවා.

🦠කොවිඩ් නැවතත් ඉහළ යමින්…

අලුත්ම සෞඛ්‍ය දත්ත අනුව, පසුගිය සතිවලදී

• කොවිඩ් හේතුවෙන් රෝහල්ගත වීමේ සිද්ධීන් ඉහළ ගොස් තිබෙනවා.

• මරණ කිහිපයක්ද වාර්තා වී තිබෙනවා.

• සමාජයේ වෛරසය පවතින මට්ටම මාස කිහිපයකට පසු ඉහළම තත්ත්වයකට පැමිණ ඇති බවද සඳහන්.

විද්‍යාඥයන් පවසන්නේ පසුගිය කාලයේ ලබාගත් එන්නත් හෝ පෙර ආසාදනවලින් ලැබුණු ආරක්ෂාව ක්‍රමයෙන් අඩු වීම මෙම තත්ත්වයට හේතුවක් විය හැකි බවයි.

⁉️රැකියාවත්… සෞඛ්‍යයත් පිළිබද ප්‍රශ්නයක්.

අද බොහෝ සේවකයන් මුහුණ දෙන දුෂ්කරම තත්ත්වය නම්,

අසනීප වුවත් රැකියාව රැකගැනීමට වැඩට යාමට සිදුවීමයි.

එවැනි අවස්ථාවක ඔවුන්ට සිදු වන්නේ

• තම සෞඛ්‍යය අවදානමට ලක් කිරීම,

• සහකරුවන්ටත් වෛරසය පැතිරවීම,

• ගනුදෙනුකරුවන්ටත් රෝගය පැතිරීමේ අවදානමක් ඇති කිරීමයි.

විශේෂයෙන්ම හෝටල්, රෙස්ටුරන්ට්, වෙළඳසැල්, කාර්යාල වැනි ජනතාව සමඟ නිතර සම්බන්ධ වන ක්ෂේත්‍රවලට මෙය තවත් භයානක තත්ත්වයක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

⚠️නිල උපදෙස්

අධිකාරීන් දැන් දෙපාර්ශවයටම පැහැදිලි පණිවිඩයක් නිකුත් කරමින් සිටිනවා.

සේවකයන්ට:

• අසනීප ලක්ෂණ තිබේ නම් නිවසේ රැඳී සිටින්න.

• අවශ්‍ය නම් අසනීප නිවාඩු භාවිතා කරන්න.

සේවායෝජකයන්ට:

• සේවකයන්ට sick leave ලබාදීම නීතිමය වගකීමක් බව මතක තබා ගන්න.

• අසනීපව සිටින කෙනෙකුට වැඩට පැමිණීමට පීඩනයක් නොදෙන්න.

• කාර්යාලයේ සෞඛ්‍ය ආරක්ෂාවට මුල්තැන දෙන්න.

කොවිඩ් අපට ඉගැන්වූ ලොකුම පාඩම වන්නේ “අසනීපයක් සැඟවුවහොත් එය සමාජයටම විපතක් වෙන” බවයි.

කොවිඩ් තවමත් සම්පූර්ණයෙන්ම තුරන් වී නැහැ.

පරිස්සම් වීම ඔබේත් මගේත් යුතුකමක් සේම වගකීමක්.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *