
වසර දහයකට පෙර නවසීලන්ත රග්බි ලෝකයේ දක්ෂ පුහුණුකරුවෙකු ලෙස නම් වූ ඩේව් රෙනීට තම රටෙන් ලැබුණේ ගෞරවය නොව, නොසලකා හැරීමකි. ඔහු රග්බි ක්‍රීඩාවේ අසමසම දක්ෂතා පෙන්වූවද, ඒ කාලයේ නවසීලන්ත රග්බි ආයතනයෙන් ඔහුට ලැබිය යුතු විශ්වාසය ලබා දීමට අසමත් විය.
අද කෙසේවෙතත් කාලය වෙනස් වී ඇත.
නවසීලන්තයේ ප්‍රසිද්ධ “All Blacks” රග්බි කණ්ඩායම අභියෝගවලට මුහුණ දෙන මෙම අවස්ථාවේ, එම ආයතනයම නැවත ඔහුගේ දොරට තට්ටු කරමින් තිබේ.
“අපට ඔබව අවශ්‍යයි… කණ්ඩායම නැවත ඔසවාදෙන්න” යන පණිවිඩය සමඟ ඔහුට නව වගකීමක් භාර දී ඇත.
අගයකිරීමක් නොලැබූ ජයග්‍රහණ.
ඩේව් රෙනී නවසීලන්තයේ Chiefs කණ්ඩායමට පුහුණුකරු ලෙස සිටි සමයේ 2012 සහ 2013 වසරවලදී අති විශිෂ්ට ජයග්‍රහණ ලබාදුන්නේය.
එම කාලයේ ඔහු රග්බි ලෝකයේ දක්ෂ පුහුණුකරුවන් අතර කැපීපෙනෙන චරිතයක් විය.
නමුත් ඒ සියලු ජයග්‍රහණ තිබියදීත්, නවසීලන්ත රග්බි පාලකයින් ඔහුට ඉහළම අවස්ථාව – All Blacks කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර ලබා දීමට අකමැති විය.
ඒ තීරණය රෙනීට විශාල කණස්සල්ලක් විය.
අවසානයේ ඔහු තම දක්ෂතා සමඟ විදේශ රටවලට පිටත්ව යාමට සිදු විය.
විදේශයේදී ගොඩනැගුණු ගෞරවය
රටෙන් පිටව ගිය පසු රෙනී නතර වූයේ නැත.
ඔහු Scotland හි Glasgow Warriors,
පසුව Australia Wallabies ජාතික කණ්ඩායම,
සහ ජපානයේ Kobe Steelers කණ්ඩායම වැනි තවත් ප්‍රබල කණ්ඩායම් පුහුණු කළේය.
එම කාලය තුළ ඔහු ලෝක රග්බි ක්ෂේත්‍රයේ ගෞරවය හා නව අත්දැකීම් යන දෙකම ලබා ගත්තේය.
නැවත කැඳවූ මොහොත
ගතවූ කාළය තුළ විශිෂ්ට රග්බි කණ්ඩායම් පරදවමින් ලෝකයම හෙල්ලූ All Blacks පසුගිය කාලයේ කීප වරක් අසාර්ථක වුනා.
ක්‍රීඩා විශ්ලේෂකයන් පැවසූයේ;
“කණ්ඩායමට නැවත නායකත්වය හා නව දර්ශනයක් අවශ්‍යයි” යන්නයි.
අවසානයේ නවසීලන්ත රග්බි ආයතනයට මතක් වූයේ…
වසර දහයකට පෙර අගය නොකළ ඒ පුහුණුකරුය.
ඒ හේතුවෙන් අද නැවතත් ඩේව් රෙනී All Blacks කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ඇත.
ඔහුගේ මෙහෙයුම 2027 රග්බි ලෝක කුසලානය දක්වා දිව යනු ඇත.
සමහර විට අද ඔබව නොසලකා හැරියද…
ඔබේ දක්ෂතාවය කාලයත් සමඟ නැවත ලෝකයට පෙනෙයි…
අද නවසීලන්ත රග්බි ලෝකය බලා සිටින්නේ එකම දෙයකි.
“ඩේව් රෙනී නැවත All Blacks කණ්ඩායම ලෝකයේ ඉහළම තැනට ගෙන යාවිද?”

0 Comments