← BACKSport

ප්‍රමාද වී එන වසන්තයේ පිපෙන මල් බොහෝ සුවඳවත් ය!

BY Dhanush•PUBLISHED MARCH 10, 2026•1 MIN READ•0 COMMENTS

​”ඉන්දීය A කණ්ඩායම නම් කරන හැමවෙලාවෙම, මගේ තාත්තා හැම වෙබ් අඩවියක්ම පරීක්ෂා කරනවා. ඒක දැක්ක ගම ඔහු මට කතා කරලා කියනවා ‘පුතේ, ඔයාගෙ නම මේ පාරත් නෑනේ’ කියලා. මම හිනාවෙලා තාත්තාට කියනවා ‘ඒක ප්‍රශ්නයක් නෑ තාත්තේ’ කියලා…”

​අවුරුදු 29ක් වනතුරුත් සූර්යකුමාර් යාදව් (SKY) තමන්ගේ වාරය එනතුරු ඉවසීමෙන් බලා සිටියේ එලෙසයි. ඔහු එදා බලාපොරොත්තු අත්හැරියා නම්, අද ක්‍රිකට් ලෝකයේ 360 පිතිකරුවෙක් ගැන දන්නේ නැත. 🏏🔥

​ඔහුගේ ගමන දෙස බලන්න…

එය හුදෙක් වාසනාවක් නොව, නොසැලෙන කැපවීමයි! 📈

• ​වයස 29: කණ්ඩායමට තේරෙනතුරු නිහඬව බලා සිටියා.

• ​වයස 30: මංගල T20 තරඟය. (ප්‍රමාද වී ලැබුණු අවස්ථාව)

• ​වයස 31: පළමු ජාත්‍යන්තර T20 ශතකය. 💯

• ​වයස 32: ලොව අංක 1 T20 පිතිකරු සහ ICC වසරේ ක්‍රීඩකයා! 🏆

• ​වයස 33: දෙවන වරටත් ICC වසරේ ක්‍රීඩකයා සහ ඉන්දීය කණ්ඩායමේ නායකත්වය. 🇮🇳

• ​වයස 34: නායකයෙකු ලෙස පළමු ආසියානු කුසලාන ජයග්‍රහණය.

• ​වයස 35: නායකයෙකු ලෙස ICC T20 ලෝක කුසලානය පිට පිට දෙවන වරටත් ඉන්දීය කණ්ඩායමට දිනාගැනීම! 🌍🏆

​සහෘදයිනි,

ඔබ දැන් ඉන්නේ කුමන වයසක වුණත්, ඔබ යන ගමන ගැන බලාපොරොත්තු අතහැර දමන්න එපා! 🛑

​ඔබේ සෑම උත්සාහයකම, ඔබ හෙලූ සෑම කඳුළකම සහ දහඩිය බිඳකම ප්‍රතිඵල කොයිම මොහොතක හෝ ඔබට ලැබෙන බව විශ්වාස කරන්න.

ඔබ ඔබේ සිහිනයට කොතරම් සමීප වී ඇත්දැයි ඔබවත් නොදන්නවා විය හැකියි. කළු ගල පුපුරා යන්න නියමිතව ඇත්තේ අද ද හෙට ද කියා ඔබ දන්නේ නැත. 💎🔨

​අවසාන පහර එල්ල කරන තුරු සටන් කරන්න! මොකද, හරියන්න පටන්ගත්තම, නවතින්නේ නැතුව හරියනවා! ❤️

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *