
The Hundred තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය උණුසුම් වෙද්දී, IPLහි සන්රයිසස් හයිද්‍රාබාද් හිමිකාරිත්වය දරන Sunrisers Leeds කණ්ඩායම ගත් තීරණයක් නිසා මේ වන විට දැඩි ආන්දෝලනයක් හටගෙන තිබෙනවා. ![]()
![]()
සිදුවීම සැකෙවින් මෙන්න.
පකිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩකAbrar Ahmed ස්ටර්ලින් පවුම් 190,000 ක දැවැන්ත මුදලකට සන්රයිසස් ලීඩ්ස් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබෙනවා. ![]()
ඉන්දීය ෆ්‍රැන්චයිසයක හිමිකාරිත්වය යටතේ පවතින කණ්ඩායමක් පකිස්ථාන ක්‍රීඩකයෙකු මෙතරම් ඉහළ මිලකට ලබා ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ලෝලීන් සිය අකමැත්ත සහ විරෝධය සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කරමින් සිටිනවා. ![]()
![]()
X ගිණුමට මොකද වුණේ?
මේ උණුසුම් තත්ත්වය අතරතුර, සන්රයිසස් ලීඩ්ස් කණ්ඩායමේ නිල X (ට්විටර්) ගිණුම ද මේ වන විට අත්හිටුවීමට (Suspended) ලක්ව ඇති බව වාර්තා වනවා. ![]()
මෙම සිදුවීමත් සමඟ සන්රයිසස් ෆ්‍රැන්චයිසයේ ඉදිරි කටයුතු සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර කෙබඳු වේවිද? ![]()
ඔබේ අදහස පහළින් Comment කරන්න. ![]()

0 Comments