← BACKHealth

ඕක්ලන්ඩ් නගරයට “Low-Emission Zones” අවශ්‍යයි. වසරකට පුද්ගලයින් 700ක් පමණ වායු දූෂණය නිසා මියයයි!

BY DhanushPUBLISHED MARCH 19, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් (Auckland) තුළ වායු දූෂණය දැඩිව වැඩිවෙමින් පවතින අතර, ඒ හේතුවෙන් “Low-Emission Zones” (අඩු දූෂණ කලාප) හඳුන්වාදීමට සෞඛ්‍ය විශේෂඥයන් කැඳවීමක් කර තිබේ.

👉 මෙය ජනතාවගේ ජීවිත රැකගැනීමට අත්‍යවශ්‍ය පියවරක් ලෙස ඔවුන් අවධාරණය කරයි.

⚠️ වායු දූෂණය ඝාතකයෙක්….

සෞඛ්‍ය විශේෂඥයන් අනාවරණය කරන්නේ:

‼️ඕක්ලන්ඩ් තුළ වසරකට පුද්ගලයින් 700ක් පමණ වායු දූෂණය නිසා මිය යන බවයි.

👉🏻නවසීලන්තය පුරා එම ගණන 2000කට ආසන්නයි.

👉🏻තවත් බොහෝ දෙනා රෝගී තත්ත්වයට පත්වී රෝහල් ගතවෙයි.

👉 මෙම දූෂණය සිගරට් දුමට සමාන අහිතකර බලපෑමක් මිනිසුන්ට ඇති කරයි.

🫁 දූෂිත වායුව ශරීරයට සිදුකරන හානි…..

වාහන වලින් නිකුත් වන PM2.5 ලෙස හැඳින්වෙන ඉතා සුළු අංශු ඇසට නොපෙනෙන තරම් කුඩායි. ඒවා සෘජුවම අපේ ආශ්වාස පද්ධතියට (lungs) ඇතුළු වෙනවා. රුධිරයට පවා එකතුවෙන්න පුළුවන්.

👉 එයින් ඇතිවන රෝග:

❤️ හෘද රෝග

🧠 ආඝාතය (Stroke)

🫁 පෙනහළු රෝග සහ පිළිකා

🤧 කුඩා දරුවන්ට ඇස්මා (Asthma)

🚧 “Low-Emission Zones” කියන්නේ මොනවාද…..???

👉 “Low-Emission Zones” කියන්නේ: නගරයේ දූෂණය වැඩි වාහන සීමා කළ හෝ තහනම් කළ විශේෂ ප්‍රදේශ.

ඒ වෙනුවට:

⚡ විදුලි වාහන

🚌 මහජන ප්‍රවාහනය

🌱 අඩු දූෂණ වාහන
භාවිතයට ප්‍රමුඛතාව දීම සිදුකරන ප්‍රදේශ.

💡 මෙවැනි කලාප ලන්ඩන් වැනි ප්‍රසිද්ධ නගරවල දැනටමත් සාර්ථකව ක්‍රියාත්මකයි….

🏙️ ඇයි ඕක්ලන්ඩ් වලටත් මෙය වැදගත්?

👉🏻නගරයේ වායු දූෂණයෙන් වැඩි කොටසක් ඇතිවෙන්නෙ වාහන වලින්.

👉🏻නගර මධ්‍යයේ ජීවත්වන ජනතාවට වැඩි අවදානමක් තියනවා.

👉🏻දිනපතා දූෂණයට මුහුණ දීම වළක්වන්න ඉතා අපහසුයි.

👉 ඒ නිසා විශේෂඥයන් කියන්නේ:
“පෞද්ගලික උත්සාහයකින් පමණක් ප්‍රශ්නය විසඳන්න බැහැ – රජයේ ක්‍රියාමාර්ග අත්‍යඅවශ්‍යයි” කියලා.

🌱 අනාගතයේ සිදුවිය හැකි දේ……

මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත්:

🚫 දූෂණ වාහන සීමා කළ කලාප ඇතිවිය හැක.

⚡ විදුලි වාහන භාවිතය වැඩිවිය හැක.

🚌 මහජන ප්‍රවාහනය වඩාත් වර්ධනය වේ.

🌍 පරිසර හිතකාමී නගරයක් බවට පත් විය හැක.

(University of Auckland විසින් සිදුකළ පරීක්ෂණ වාර්තාවකට අනුව ලියන ලදි)

මේ ගැන ඔබ දරන මතයත් අපි දැනගන්න කැමතියි. ඔබේ අදහස පහළින් කමෙන්ට් කරන්න.👇🏻💭

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *